master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ශ්‍රී ලංකා හමුදාවේ වේගවත් බව හමුවේ කොටි පරාජය වුනා - 2009 මැයි 19 ඉන්දීය මාධ්‍ය


2018-05-18 07:45:09 -  618 යි

පැරදවිය නොහැකි යයි පැවසූ කොටි පරදවා වසර 9 යි
ශ්‍රී ලංකා හමුදාවේ වේගවත් බව හමුවේ කොටි පරාජය වුනා - 2009 මැයි 19 ඉන්දීය මාධ්‍ය

කොටි අපරාධකාරි සංවිධානය පරාජය වී අදට (18) වසර නවයකි. කොටි සංවිධානය පරාජය කළ නොහැකි බව හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌, ඉන්දීය ඔත්තු සේවාවේ ප්‍රධානියාව සිටි බී. රාමන්, ඉන්දීය සාම හමුදාවේ බුද්ධි ප්‍රධානියාවූ කර්නල් හරිහරන් නෝර්වේ සාම නියෝජිත එරික්‌ සෝල්හයිම් - යුද විශ්ලේෂකයකු යයි හඳුන්වනු ලැබූ රොහාන් ගුණරත්න සහ කැනඩාවේ ද්‍රවිඩ මාධ්‍යවේදියකු මෙන්ම ඉංග්‍රීසි පුවත්පතක ආරක්‍ෂක වාර්තාකරුවකුද පවසා තිබුණි. ඊට අමතරව හිටපු හමුදාපති ලයනල් බලගල්ල හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩද නාගර්කෝවිල්හිදී මේබව පවසා තිබුණි. එහෙත් ප්‍රභාකරන් කරන්නේ බොරුවක්‌ බවත් කොටි පැරදවිය හැකි බවත් පැවසුවේ 'දිවයින' පමණකි.
 
 ප්‍රභාකරන්ගේ සොහොයුරිය කැනඩාවේ පදිංචි විනෝදනී පවා ප්‍රකාශයක්‌ කරමින් තම සොහොයුරු පැරදවිය හැකි ජගතෙක්‌ ලොව නැතැයි කියා සිටියාය.
 
 එසේම නෝර්වේ සාම නියෝජිත එරික්‌ සෝල්හයිම් ප්‍රකාශයක්‌ කරමින් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හැර වෙනත් කිසිදු ඇමැතිවරයකු ප්‍රභාකරන් පරාජය කළ හැකි බව පැවැසුවේ නැතැයි පවසනු ලැබීය.
 
 සෝල්හයිම් එම ප්‍රකාශය කළේ ඒ වනවිට කොටි සංවිධානය බලගතු සංවිධානයක්‌ ලෙස අතිශයෝක්‌තියෙන් යුක්‌තව හඳුන්වනු ලැබූ හෙයිනි.
 
 මේ පුළුල් ප්‍රචාරය ජාත්‍යන්තර ප්‍රජාව වෙත ගෙනයනු ලැබුවේ ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවිය මෙහෙයවූ හිටපු ප්ලොට්‌ හමුදා නායකයාව සිටි ඩී. පී. සිවරාම්ය. සිවරාම් වසර කීපයකට පෙර පැවසුවේ හමුදාවට කොටින්ට එරෙහි යුද්ධයක්‌ කළහොත් එය පාරාවළල්ලක්‌ වන බවය.
 
 එහෙත් කිරුබා හෙවත් වේලු හෙවත් ප්‍රභාකරන් හෙවත් පිරුබාහරන් ප්‍රමුඛ කොටි සංවිධානය මුළුමනින්ම පරාජය විය.
 
 එහිදී 29000 ක්‌ පමණ රණවිරුවෝ දිවිපිදූහ. 16000 කට අධික සෙබළු ආබාධිත වූහ.
 
 එහෙත් එම රණවිරුවන් කළ කැපකිරීම මෙරට දේශප්‍රේමී ජනතාව කිසිදිනක අමතක කර නැත. කොටි සංවිධානයට එරෙහි තම වර්තමානය සහ අනාගතය පුදකළ එම සෙබළු ගෞරවනීය මළවුන් ලෙස හැඳින්විය යුතුය.
 
 එහෙත් රටේ ඒකීයභාවය රැකගැනීම උදෙසා කැපවූ ශ්‍රී ලංකා හමුදාවට අද යුද අපරාධ චෝදනා එල්ලවී ඇත. එම චෝදනා එල්ල කර ඇත්තේද කොටි අපරාධකරුවන් විසින්ය.
 
 මේ තත්ත්වය මැද රජය කොටි පැරදවීමේ ඓතිහාසික දිනය වූ ජයග්‍රාහී දිනය වෙනස්‌ කළේ මියගිය අය සිහිපත් කිරීමේ දිනය ලෙසය. එසේම යුද ජයග්‍රහණය සැමරීමේ ආචාර පෙළපාලියද අවලංගු කරනු ලැබීය.
 
 එසේ වූවත් කොටි සිදුකළ බිහිසුණු යුද අපරාධ අමතක කළ හැකිද? තිස්‌වසරක්‌ තිස්‌සේ කොටි සංවිධානය මෙරට සිදුකළේ බිහිසුණු ක්‍රියාදාමයකි. දේශපාලකයන්ගේ ඉරණම තීන්දු කළේ ඔවුන්ය. මායිම් ගම්මානවල ළදරුවන්ගේ සිට සිවිල් ජනතාව ජීවත්විය යුතුද මගී දුම්රිය, බස්‌ රථවලට බෝම්බ තැබිය යුතුද යන්න තීරණය කළේද ප්‍රභාකරන්ය.
 
 මේ කාලය තුළ ප්‍රභාකරන්ගේ සාවද්‍ය ප්‍රචාර වලට හමුදාවේ ඉහළ නිලධාරීන් මෙන් දේශපාලකයන්ද රැවටුනි.
 
 ප්‍රභාකරන් පැරදවිය නොහැකිය යන මතය ඔවුන්ගේ හදවත් තුලට යොමුකර තිබුණි.
 
 කොටි නායකයා පරාජය වීමට මාස තුනකට පෙර කොළඹ කොටි හිතවාදී ද්‍රවිඩ පුවත්පතක්‌ මෙලෙස ප්‍රකාශ කර තිබුණි.
 
 "අපේ නායකතුමා අවසාන වතාවට සිංහලුන්ට අවස්‌ථාවක්‌ දී ඇත. කොටි සංවිධානය සතු බලගතු අවි රැසක්‌ තිබේ. එම අවි භාවිතකළහොත් සිංහලුන් කම්පනයට පත්වනු නියතය."
 
 ඊට සමානම මෙරට අඥන මාධ්‍ය පාර්ශව ප්‍රභාකරන් සතුව න්‍යෂ්ඨික බෝම්බ ඇති බව ගල්පැලෙන බොරුවක්‌ ප්‍රචාරය කරනු ලැබීය.
 
 එහෙත් සිදුවූයේ කුමක්‌ද? සමස්‌ත කොටි ඩයස්‌පෝරාවම කම්පනයට ලක්‌කරමින් ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි හමුදා නායකයන් පරාජය වීමයි.
 
 වන්නි මෙහෙයුමේ අවසාන අවස්‌ථාවේ ප්‍රභාකරන්ව බේරාගැනීමට ඇමරිකාව සහ නෝර්වේ රටවල්ද ඉදිරිපත් වූවත් එම උත්සාහයන් ව්‍යාර්ථ විය.
 
 ඒ සඳහා රහස්‌ මෙහෙයුමක්‌ද දියත් විය. ඒ අනුව ඇමරිකානු හමුදා උපදේශකයන් රැගත් හර්කියුලිස්‌ යානාවක්‌ද මෙරටට සම්ප්‍රාප්ත විය.
 
 ඊට අමතරව ඇමරිකානු හමුදා චන්ද්‍රිකා දෙකක්‌ වන්නි මෙහෙයුම නිරීක්‍ෂණය කරනු ලැබීය.
 
 වන්නි මෙහෙයුම අවසානයේ සී 4 අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ 2000 කට අධික තොගයක්‌ සහ ඩොලර් මිලියන 4500 කට අධික වටිනාකමකින් යුත් අවි ආයුධ හමුවිය.
 
 මේ අතර වන්නි මෙහෙයුමට මුල පිරුවේ 2006 ජුලි 21 දා මාවිල්ආරු සොරොව්ව කොටි සංවිධානය විසින් වසාදැමීමයි. එය සිදුකලේ අද මානව හිමිකම් ගැන බෙරිහන්දෙන උතුරු පළාත් සභා ඇමැතිනි ආනන්දි සසිදරන්ගේ සැමියා වූ එලිලන්ය. මාවිල්ආරු සොරොව්ව කොටින්ගෙන් මුදාගැනීමත් සමඟම 2007 ජුලි 11 දා තොප්පිගල අල්ලා ගනු ලැබීය. මේ ගැන වත්මන් රජයේ දේශපාලකයකු පැවසුවේ ඕනෑම ගොනෙකුට යුද්ධ කළ හැකි බවයි.
 
 වන්නි මෙහෙයුමේදී කොටි බළකොටු බිඳවැටුනේ ඉතා විස්‌මිත ලෙසිනි. 2008 අප්‍රේල් 25 දා ප්‍රසිද්ධ මඩු දේවස්‌ථානය අවට ප්‍රදේශයද එම වසරේ ජුලි 27 දා නාගර් කෝවිල් ප්‍රදේශයද අල්ලා ගනු ලැබීය.
 
 2008 සැප්තැම්බර් 2 දා කොටි කේන්ද්‍රස්‌ථානය වූ මල්ලාවි නගරයද නොවැම්බර් 14 දා පුනරින් නගරයද නොවැම්බර් 15 දා මාන්කුලම් නගරයද අසුවිය.
 
 2009 ජනවාරි 2 දා කොටි කේන්ද්‍රස්‌ථානය වූ කිලිනොච්චි නගරය අල්ලාගනු ලැබීය. කිලිනොච්චි නගරය අල්ලා ගැනීමට පෙර රෝ බුද්ධි සේවාවේ හිටපු ප්‍රධානී බී රාමන් පැවසුවේ ශ්‍රී ලංකා හමුදාව මුළුමනින්ම විනාශ වන බවයි. ජර්මානු හමුදාව සෝවියට්‌ හමුදාවට පරාජය වූ අයුරින් මුළු ශ්‍රී ලංකා හමුදාවම වැනසෙනවා යයි රාමන් කීවේය.
 
 එසේම ඉන්දීය ලේකා ඇනිටා ප්‍රතාප්ද අනාවැකියක්‌ පලකරමින් ශ්‍රී ලංකා හමුදාව වැනසෙන බවත් තමා ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රභාකරන්ගේ විශිෂ්ඨ ජයග්‍රහණය ගැන ග්‍රන්ථයක්‌ ලියන බවද කියා සිටියාය.
 
 එහෙත් ප්‍රභාකරන්ගේ මාර පරාජය සමඟ බී රාමන් සහ ඇනිටා ප්‍රතාප් කට ඇරියේ නැත. වන්නි මෙහෙයුමෙන් ප්‍රභාකරන් ජයගන්නා බව තරයේ විශ්වාස කළ ඇනිටා ප්‍රතාප් තමා ශ්‍රී ලංකාවට යළි පැමිණෙන්නේ ප්‍රභාකරන් දැකගැනීමට බවද කීවාය.
 
 එහෙත් ඇනිටාට ප්‍රභාකරන් දැකගැනීමට හැකිවූයේ නැත. ඒ වෙනුවට ඇය ජපානයේ ටෝකියෝ නුවරදී දුටුවේ එවකට ආරක්‍ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්‍ෂයි.
 
 2009 ජනවාරි 9 දා අලිමංකඩ කඳවුර වෙත ජනවාරි 25 දා මුලතිව්ද මැයි 18 දා වෙල්ලමුල්ලිවයික්‌කාල් ප්‍රදේශයද ආරක්‍ෂක හමුදාවට නතුවීමෙන් කොටි ඝාතක සමාගම ඇද වැටුණි. මේ ඇද වැටීම විදේශගත කොටි ඩයස්‌පෝරාවට අකුණු පහරක්‌ විය.
 
 සිදුවූයේ කුමක්‌දැයි තේරුම් ගැනීමට පවා ඔවුන්ට නොහැකිවිය. මෙරට රාජ්‍ය නොවන සංවිධාන ජාලයටද ප්‍රභාකරන්ගේ පරාජය හෙණ ගැසුවා මෙන් විය.
 
 ප්‍රභාකරන්, නඩේසන් සහ පුලිතේවන් ඇතුළු කොටි හමුදා නායකයන්ගෙන් බරපතළ පරාජය ඇසූ නෝර්වේ සාම නියෝජිත එරික්‌ සෝල්හයිම් අහෝ දෙවියනි මගේ යාලුවෝ සියල්ල මැරිලා යයි හඩ නැගූබව නෝර්වේහි ආප්ටන් පෝස්‌ටන් පුවත්පත හෙළිකළේය.
 
 සෝල්හයිම් වසර කීපයකට පසු පැවසුවේ ප්‍රභාකරන් පරදින බව කොටි න්‍යායචාර්ය ඇන්ටන් බාලසිංහම් තමාට හෙළිකළ බවයි.
 
 මෙවන් පසුබිමක්‌ මැද රජය එදා කොටි ත්‍රස්‌තවාදින්ගේ රූකඩය ලෙස ක්‍රියාකළ ද්‍රවිඩ සන්ධානයේ ඉල්ලීම් ඉටුකිරීමට යොමුවී ඇත.
 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com