master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගුටි ඇනගත් සිසුවියන් දෙදෙනාගෙන් අයෙක් රෝහලේ


2018-05-17 16:14:58 -  1661 යි

දඹුල්ල නගරය ආසන්නයේ පිහිටි ප්‍රධාන පාසලක සිසුවියන් දෙදෙනකු අතර ඊයේ (16 දා) දහවල් ඇති වූ ගුටිබැට හුවමාරුවකින් පසු එක්‌ සිසුවියක තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

එකොළොස්‌ වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් දෙදෙනකු අතර මෙම ගැටුම ඇති වී තිබේ. එක්‌ සිසුවියක්‌ පැළඳගෙන සිටි සපත්තුව අනෙක්‌ සිසුවිය විසින් පෑගීම නිසා මෙම ගැටුම ඇති වී තිබේ. මේ අතර සහෝදර සිසුවියන් දැඩි පරිශ්‍රමයක්‌ දරා දෙදෙනාගේ ගැටුම සමතයකට පත්කර ඇත. 

පසුව ඔවුන්ගේ දෙමවුපියන් පාසලට කැඳවා ඔවුන් භාරදීමට ගුරුවරුන් පියවර ගෙන ඇති අතර එක්‌ සිසුවියක තුවාල ලබා සිටීම නිසා රෝහල්ගත කර තිබේ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com