master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දෑස් අඳ අලියාට දෑස් ලද මිනිසාගේ සෙවණ


2018-05-17 16:10:10 -  689 යි

වෙඩි වැදීමකින්  හෝ කුමන හෝ අනතුරකින් ඇස්දෙක අන්ධව සීගිරිය අභය භූමියේ සහ ගම්මානවල නිරන්තරයෙන් සැරිසැරූ වන අලියා වනජීවී නිලධාරීන් විසින් අල්ලා උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන යෑම සඳහා සූදානම් කොට තිබේ.

ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරු මත සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් මාස කිහිපයක් තිස්සේ මෙම ඇස් නොපෙනෙන අලියා පිළිබඳව නිරීක්ෂණය කොට මෙම අලියා ගේ ජීවිත අවදානම නිසා  වනජීවි නිලධාරීන්ගේ මැදිහත්වීම මත සීගිරි අභය භූමියෙන් රැගෙන යාමට අලියා නිර්වින්දනය කොට ගස් බැඳි බව සීගිරිය වනජීවී නිලධාරීන් කියයි.

දෑස් නොපෙනෙන නිසා මෙම අලියා මිනිසුන් වාසය කරන ප්‍රදේශවලට ගමන් කිරීම සහ ගස්වල හැපීම නිසා මෙන්ම මිනිසුන් විසින් වෙඩි තැබීම නිසා තුවාල රැසක් පවතින බව සීගිරිය වනජීවී නිලධාරීහු පවසති.

වයස අවුරුදු හතළිහක් පමණ වූ මෙම අලියා කාලයක සිට සීගිරිය ප්‍රදේශයේ සැරිසැරූ බව  ප්‍රදේශවල ජනතාව පවසති. එමෙන්ම මෙම අලියාගෙන් කිසිදු අයකුට කරදරයක් සිදු නොවුණු බව ද  ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමක් අප සමග පැවසූහ.

ඇස් දෙක නොපෙනෙන මෙම වන අලියා අල්ලා ගස් බැඳ දමා තිබියදී බොහෝ දෙනෙකු අලියා බැලීම සඳහා එම ස්ථානයට දිව එන අයුරු සහ අලියා ආසන්නයට වී ඔහුට කෙහෙල් කොට ආහාරයට ලබාදීම ද දැක ගැනීමට හැකිවිය.

වනජීවී දෙපාර්තමේන්තුවේ පසු වෛද්‍ය  ඩී .එම් .ධර්මකීර්ති මහතා ඇතුළු කණ්ඩායමක් අලියා නිර්වින්දනය කොට තිබේ. අනතුරුව වන අලියා උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන ගොස් ප්‍රතිකාර කිරීමට බලාපොරොත්තු වන බව වනජීවී නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කර සිටිති.

 කාංචන කුමාර ආරියදාස - දඹුල්ල වාර්තාකරු







  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com