master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

"මැරුනු අය සමරන එක රාජිතත් අනුමත කරලා තියෙනවා" උතුරේ ජන සංහාර සතියක්, පහන් දල්වා දෙමළ සන්ධානය ජයටම සැමරූ හැටි .! (PHOTOS)


2018-05-17 08:23:26 -  608 යි

තිස් වසරක ත්‍රස්තවාදය අවසන් කරමින් මවුබිමට සාමය ගෙනා මානුෂීය මෙහෙයුමේ අවසන් සතියේ නවවන සාංවත්සරික සතිය ගෙවි යමින් පවතියි. මානුෂීය මෙහෙයුමේ සංවත්සරයට අදාලව දෙමළ ජාතික සන්ධානය විසින් ජන සංහාර සතියක් නම් කර තිබේ.

මේ අනුව ඊයේ (16) දින දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් විසින් ත්‍රිකුණාමල‍යේ සිට ආරම්භ කරමින් පහන් දල්වා තිබේ. ඒ මුලතිව්, වෙල්ලමුල්ලිවයිකාල් අවසන් සටනේදි මියගිය සාමාන්‍ය ජනතාව සිහි කිරිමට යැයි කියමින්. 

ත්‍රිකුණාමලය, කොටුව මුහුදු වෙරල අභියස පිහිටි වැලිකඩ පරිත්‍යාගශිලින්ගේ අනුස්මරණ වේදිකාව ඉදිරිපිට මෙම පහන් දැල්විම දෙමල ජාතික සන්ධානයේ උතුරු පලාත් සභා මන්ත්‍රි එම්.කේ.සිවාජිලිංගම්ගේ ප්‍රධානත්වයෙන් සිදුව තිබේ.

මෙහිදි ජන සංහාර සතිය වෙනුවෙන් අදහස් දැක්වු පලාත් සභා මන්ත්‍රි සිවාජිලිංගම් කියා තිබුනේ 

"වෙල්ලමුල්ලිවයිකාල්වලදි මියගිය අය සැමරිම අමාත්‍ය රාජිත සේනාරත්න ද අනුමත කරලා තියනවා. මේ අනුව රජය අනුමතකල මෙම සැමරිම රජයේ නිලධාරින් මෙතනට පැමිණ බාධා කරන එකම රට මෙයයි. අපි සමරන්නේ සාමාන්‍ය ජනතාවයි.මියගිය එල්.ටි.ටි.ඊ අය සමරන්න ඒ අයට මහාවිරු දිනය තියනවා"යනුවෙනි.





  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com