master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පොලිස් වෙඩි පහරින් 54 හැවිරිදි අයෙක් මරුට


2018-05-14 10:42:00 -  997 යි

ඌරගස්මන්හංදිය ප‍්‍රදේශයේදි පොලිස් නිලධාරයෙකු සතු ගිනි අවිය පත්තුවී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (13) රාති‍්‍රයේ මෙම සිද්ධිය සිදුව ඇත්තේ ඌරගස්මන්හංදිය කලූවල ප‍්‍රදේශයේදීයි. පොලිසියට ලද තොරතුරක් මත මුදල් ඔට්ටුවට සූදු කි‍්‍රඩාවේ නිරත වන ස්ථානයක් වැටලීමට පොලීසිය ගොස් තිබෙනවා. 

එහි සිටි පිරිස් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළා. එම අවස්ථාවේ කඩු පොලූ වලින් නිලධාරින්ට පහර දි ඇති බවද සඳහන්. ගිනිඅවිය පත්තු වී ඇත්තේ එම අවස්ථාවේදීයි. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුයේ 54 හැවිරිදි අයෙක්.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com