master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඇවන්ගාඩ්ගෙන් ජරාව කෑ පොලීසියේ 300ක ගේ නම් එළියට - නිශ්ශංක සේනාධිපති සියල්ල හෙළි කරයි


2018-05-13 07:41:44 -  1121 යි

ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයාගෙන් රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබා ගත් බව කියන පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 300 කට අධික පිරිසක්‌ පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී) විමර්ශන ආරම්භ කිරීමට යයි.
 
 ඇවන්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා විසින් තමාගෙන් මුදල් ලබාගත් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්ගේ නම් ලැයිස්‌තුවක්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ තවත් විමර්ශන කණ්‌ඩායම් කීපයක්‌ වෙත ලබා දී ඇති බව ද පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.
 
 ඇවන්ගාඩ් සභාපතිවරයාගෙන් මුදල් ලබාගත් නිලධාරීන් අතර පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් කීපදෙනකු ද සිටින බව වාර්තා වෙයි.
 
 මේ සම්බන්ධයෙන් ළඟදීම විමර්ශන ආරම්භ කරන අතර, මෙම නම් ලැයිස්‌තුවේ සිටින නිලධාරීන් කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට ද කටයුතු කරන බව පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියි.
 
 මේ අතර මෙම උසස්‌ පොලිස්‌ නිලධාරීන් නිශ්ශංක සේනාධිපති මහතාගෙන් මුදල් ලබාගෙන ඇත්තේ කුමන පරමාර්ථයන්ට ද යන්න සොයා බලන බව ද එම ආරංචි මාර්ග කීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com