master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සියතේ හැටේ ටෙලිය රූපවාහිනියට 170ට අරන් !


2018-05-12 08:43:04 -  320 යි

කොටසක් රුපියල් හැටදහසකට ලබා ගත හැකි ටෙලි නාට්‍යක්, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව විසින් කොටසක් රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහසකට ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. 

ඔවුන් මෙසේ ලබාගෙන ඇත්තේ පසුගිය  08 වැනිදා සිට විකාශය ආරම්භ කළ අවසන් ඉණිම නමැති ටෙලි නාට්‍යයෙනි

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රබල නිලධාරීන් දෙදෙනෙකු විසින් මෙම මිලදීගැනීම සිදුකර ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

අදාළ ටෙලි නාට්‍යයේ මුල් කොටස් රූගත කරමින් තිබියදී එහි ප්‍රධාන නළුවා වූ දසුන් නිශාන් ගෙල වැළලාගෙන මියයාම හේතුවෙන් එහි  තිරපිටපතද වෙනස් කිරීමට සිදුවූ අතර, මේ හේතුවෙන් එම ටෙලිනාට්‍යයට ලබාදී ඇත්තේ නැවත නිෂ්පාපාදනය කිරීමෙන් පසුවය. මේ කාරණා හේතුවෙන් එහි දෝෂ ඇති බවද පැවසේ. 

මේ සම්බන්ධයෙන්  කළ විමසීමකදී සියත TV නාලිකා ප්‍රධානී කැළුම් පාලිත මහීරත්න මහතා, ඊතලය වෙත පවසා සිටියේ අවසන් ඉණිම ටෙලි නාට්‍යයේ කොටසක් සඳහා රු. 50,000ක් වත් තමාට ලබාදෙන ලෙස එහි නිෂ්පාදිකාව තමාගෙන් ඉල්ලා සිටි බවයි. කෙසේවෙතත්, ටෙලි නාට්‍ය බාල්දු කිරීමට අකමැති බැවින් තමා එහි කොටසක් රු. 60,000කට ගැනීමට එකඟ වූ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

අදාළ, සිද්ධියට සම්බන්ධ නිලධාරීන් ගැන රූපවාහිනී සභාපතිවරයා පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබූ බවද මේ අතර වාර්තා වේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com