master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොටි 154 කගේ නම් ඉන්ටර්පෝල් ලැයිස්‌තුවෙන් ඉවත්වීම රහසක්‌


2018-05-12 08:08:56 -  564 යි

බිහිසුණු ත්‍රස්‌තවාදී ක්‍රියා සිදු කළ කොටි නායකයන් ඇතුළු කොටි ක්‍රියාකාරීන් 154 දෙනකු ඉන්ටර්පෝල් ලැයිස්‌තුවෙන් ඉවත් කර ඇත්තේ කාගේ නිගමනයක්‌ මතදැයි මෙතෙක්‌ හෙළි වී නැත. 

මේ වන විට ඉන්ටර්පෝල් ලැයිස්‌තුවේ ඇත්තේ මෑතකදී ඇතුල් කළ එමිල් කාන්තන් සහ තවත් අයකුගේ නමක්‌ පමණකි.

නෝර්වේ කොටි නායක නෙදියවන් මෙන්ම කොටි නායකයන් 37 දෙනකුගේ නම් ද කොටින්ට අරමුදල් එකතු කළ ටී.ආර්.ඕ. සංවිධානයේ නායක රෙජීගේ නම ද ඊට ඇතුල් වී තිබුණි. 

මෙලෙස ඉන්ටර්පෝල් ලැයිස්‌තුවේ සිටි කොටි ක්‍රියාකාරීන් කිසිවෙක්‌ මිය ගොස්‌ නැත. 

"ඊතලය" ඉන්ටර්පෝල් සංවිධානයෙන් මේ ගැන විමසූ විට පැවැසුවේ ශ්‍රී ලංකා රජය ඉල්ලීමක්‌ කළ හොත් පමණක්‌ ඕනෑ කරන අයගේ නම් ඉවත් කරන බවයි. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com