master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

උපයන විට ගෙවීමේ බද්දෙන් කිසිවකු නිදහස් නැහැ


2018-05-11 14:57:59 -  372 යි

නව දේශීය ආදයම් පනත මගින් සංශෝධනය කොට ඇති උපයනවිට ගෙවීමේ බද්ද පෞද්ගලික සහ රාජ්‍ය දෙඅංශයටම එක ලෙස බල පැවැත්වෙන බව, දේශීය ආදයම් දෙපාර්තමේන්තුවේ තොරතුරු අංශයේ කොමසාරිස් ප්‍රසන්න ඒකනායක eethalayanews.com කළ විමසීමකදී පැවසුවා. වැටුප් සහ දීමනා සහිත මාසික වේතනයෙන් අදාල බදු මුදල, වේතනය ගෙවනු ලබන ගණකාධිකාරී විසින් අයකරගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත බැර කළ යුතුයි.

නව පනත මගින් මාසිකව රුපියල් ලක්‌ෂයක (වාර්ෂිකව රුපියල් ලක්‌ෂ 12ක්) ආදායම් ලබන සියලු දෙනා ආදායම් බද්දෙන් නිදහස්‌ කෙරෙනවා. 

මෙම බද්දට යටත් කරනු ලබන වාර්ෂික සීමාව රුපියල් 750,000 සිට නව බදු පනත මගින් රුපියල් ලක්‌ෂ 12 දක්‌වා වැඩි කර තිබෙනවා. මේ හේතුවෙන් දැනට උපයන විට බදු ගෙවන ලක්‌ෂ 12ක්‌ පමණ වන සේවා නියුක්‌තිකයන්ගෙන් 40% පමණ එනම් ලක්‌ෂ 5කට ආසන්න පුද්ගලයන් නව බදු පනත අනුව බද්දෙන් නිදහස ලබනවා.

 

මාසික ආදායම 62,500 දක්වා බද්දෙන් නිදහස්ය.

මාසික ආදායම රුපියල් 62,500 සිට රුපියල් 104,167 දක්වා 4% - (අවම බදු මුදල රුපියල් 2500 කි)

මාසික ආදායම රුපියල් 104,167 සිට රුපියල් 145,833 දක්වා 8% - (අවම බදු මුදල රුපියල් 6,667 කි)

මාසික ආදායම රුපියල් 145,833 සිට රුපියල් 187,500 දක්වා 12% - (අවම බදු මුදල රුපියල් 12,500 කි)

මාසික ආදායම රුපියල් 187,500ට වැඩි 16% - (අවම බදු මුදල රුපියල් 20,000 කි)

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com