master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

එෆ්සීඅයිඩී ප්‍රධානියාට වසරක සේවා දිගුවක්‌


2018-05-11 08:22:16 -  476 යි

පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී වෛද්‍යලංකාර මහතාට වසරක සේවා දීර්ඝ කිරීමක්‌ ලබාදීමට කැබිනට්‌ මණ්‌ඩලය පෙරේදා (09 වැනිදා) අනුමැතිය ලබා දී ඇත.
 
 වෛද්‍යලංකාර මහතාට සේවා දීර්ඝ කිරීමක්‌ ලබාදීමට පොලිස්‌පතිවරයා විරුද්ධ වී ඇතත් එය නොතකා කැබිනට්‌ මණ්‌ඩලය විසින් ඒකමතිකව මෙම තීරණය ගෙන ඇති බව පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.
 
 රවී වෛද්‍යලංකාර මහතා ලබන 14 වැනිදා විශ්‍රාම යැමට නියමිතව සිටි අතර පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ආරම්භ කළ දින පටන් එහි ප්‍රධානියා ලෙස කටයුතු කළේ ඒ මහතාය.
 
 මෙම සේවා දීර්ඝ කිරීමට අනුව වෛද්‍යලංකාර මහතා විශ්‍රාම යැමට නියමිතව ඇත්තේ ලබන 2019 වර්ෂයේ මැයි මාසයේදීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com