master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අධිවේගයේ ගංජා ජාවාරමේ යෙදුණු පොඩි ලැසීගේ ගෝලයෙක් දැලේ


2018-05-10 08:22:29 -  729 යි

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ඉඩම්ගොඩ හුවමාරුව ඔස්සේ කොළඹ සිට සුඛෝපභෝගී බස් මඟින් මතුගම, වැලිපැන්න, මීගහතැන්න, බදුරලිය සහ බුලත්සිංහල ප්‍රදේශවලට කේරළ ගංජා ප්‍රවාහනය කරන පුද්ගලයකු පිළිබඳ ලද තොරතුක් මත මතුගම කොට්ඨාසයේ නීතිය බල ගැන්වීම් ඒකකයේ පොලිස් නිලධාරීන් කේරළ ගංජා කිලෝග්‍රෑම් 1ක් සමඟ පුද්ගලයකු පෙරේදා (08දා) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අදාළ සැකකරු කොළඹ සිට මතුගම දක්වා ධාවනය වූ බසයක ගමන් කරමින් සිටියදී යටගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මොහු කළුතර කලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන තෝරා (25) නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයෙකි. කාලයක් තිස්සේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කරන බවත් දකුණේ පාතාල නායකයකු වන දැනට රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින පොඩි ලැසී සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පුද්ගලයකු බවටද සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com