master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කැලෑව ජීවිතය කරගත් ඒරොප්පේ තරුණ කල්ලිය


2018-05-09 08:10:56 -  787 යි

ප‍්‍රංශයේ La ZAD ප‍්‍රදේශය වැසී තියෙන්නේ කැලෑ ප‍්‍රදේශයකිනි. ඒ කැලය තුළ වෙසෙන්නේ යුරෝපයේ විශාලතම විකල්ප සමාජයයි. සීමා මායිම්වලින් සීමා නොවූ නිදහස, ස්වාධීනත්වය සොයන තරුණ ප‍්‍රජාවයි. විදුලිය හෝ පානීය ජල පහසුකම්වත් නොමැතිව ඔවුන් ගත කරන්නේ සිතිය නොහැකි තරමේ අල්පේච්ඡු ජීවිතයකි. එහෙත් ඔවුන්ගේ ජීවන රටාව ලෝකයට හෙළි කරන්නට ඔවුන් අකමැති ය. කෙවින් ජායාරූප ශිල්පියෙක්. ඔහුගේ උපාධි ව්‍යාපෘතියක් සඳහා නගරයට ඉතා දුරින් හුදෙකලාව වෙසෙන මෙම විකල්ප තරුණ තරුණියන් පිළිබඳ දැනගැනීමට අවශ්‍ය වුණා. ඔහු වරක් දෙවරක් La ZAD වෙත ගියත් ඔහුගේ ව්‍යාපෘතිය දිගින් දිගටම කල් දමන්නට ඔහුට සිදුවුණා. ඔහු පුද්ගලයකු ලෙස La ZAD සමාජය පිළිගත්තත් ජායාරූප ශිල්පියෙකු ලෙස ඔවුන්ගේ ජීවිතය හෙළිදරව් කිරීමට ඔවුන් අකමැති වුණා. ඔවුන්ගේ අවසරය ඇතිව සීමිත ජායාරූප කිහිපයක් පමණක් ලබාගත් කෙවින්ට ඒ ජීවිතය ගැන ඇතිවුණේ පුදුම තරමේ ආසාවක්. කෙවින් අපේක්ෂා අරමුණු පසුපස හඹායන ජීවිතය පසෙකලා වෙත ගොස් වන වැදුණා. ZAD ප‍්‍රදේශය ප‍්‍රංශයේ යැයි පවා කිව නොහැකි තරමේ දුරස්ථ වනගත ප‍්‍රදේශයක්. එහි ගුවන් තොටුපළක් ඉදිකරන්න රජය තීරණය කළ අවස්ථාවේදී තරුණ තරුණියන් පිරිසක් ඊට එරෙහි වුණා. ඔවුන් මෙම ප‍්‍රදේශය රැුකගන්න එසේ කළත් ඔවුන් පරිසර ක‍්‍රියාකාරීන් නොවෙයි.පසුව ඔවුන් එකිනෙකා ගොස් එහි පදිංචි වුණා. එහි බීමට ජලය ගන්නේත් ඉතා අසීරුවෙන්. විදුලියත් නැහැ. එහෙත් බේකරියක්, ගුවන් විදුලි මධ්‍යස්ථානයක්, යතුරු පැදි අලූ‍ත්වැඩියා කරන ස්ථානයක්, සිනමාහලක් ඔවුන් සතුයි.‍ ‍මේ තරුණ පිරිස ගොවිතැන් කරමින් ආහාර සපයාගන්නවා. ලී කැබලි, යකඩ කැබලිවලින් තැනූ ඔවුන්ගේ පුංචි නිවෙස් පරිසරයට හානි නොවෙන්නයි ඉදි කර ඇත්තේ. නිවෙස තුළ නගරයේවත් නැති දියුණු තාක්ෂණය දැකගන්න පුළුවන්. ගුවන් තොට තැනීමට එරෙහි වීම ඔවුන්ගේ එක් මෙහෙයුමක් පමණයි. ඔවුන් මෙහි සොයන්නේ සාමකාමී නිදහස් ජීවිතයක්. ඔවුන්ට නීති නෑ. කවුරුවත් පාලනය කරන්නේත් නෑ. ඒත් ඔවුන් ලෝකේ අනිත් හැමටම වඩා නිදහස් ජීවිත ගත කරනවා. ඒ බව දුටු අයෙකුට මේ ජීවිතය ඕනෑ වෙනවා. ඒ නිසා ඇමෙරිකාව වැනි රටවල තරුණ අය පවා අද මෙහි පැමිණ සරල අල්පේච්ජ ජීවිතය සොයනවා. ‍මට ඕනෑ වුණේ La ZAD ගැන ව්‍යාපෘතියක් කරන්න. ඒත් අන්තිමට මම ඔවුන්ට එකතු වුණා. මම ඒ නිදහස් ස්වාධීන ජීවිතය සොයාගෙන ආවා.‍ ජායාරූප ශිල්පී කෙවින් පවසනවා. ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com