master
New Page 1

විල්පත්තු රිෂාද් ඉන්දීය රන් ජාවාරමටත් හවුල්


2017 01 05 10.30 AM -  875 යි

විල්පත්තුවේ මහා වන සංහාරයකනිරතව සිටින අමාත්‍ය රිෂාද් බදුර්දීන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සිදුවන මහා රත්තරන් ජාවරමටද සම්බන්ධ බව පොලිස් බුද්ධි අංශ අනාවරණය කර ගෙන ඇත.

අමාත්‍යවරයා ඔහුගේ නිලවාහන භාවිතා කරමින් කටුනායක ගුවන්තොටුපල වෙත මෙම රත්‍රන් ප්‍රවාහන කරන බවත් එහිදී ඔහුගේ සහෝදරයා හා කොළඹ පිටකොටුවේ ව්‍යාපාරිකයෙකු එක්ව මෙම රත්‍රන් ගුවන් මගින් ඉන්දියාවේ මදුරාසිය හා වෙන්නායි බලා රැගෙන යන බවත් පොලීසිය හෙළිදරව් කරගෙන ඇත.

අමාත්‍යවරයාගේ මෙම ජාවාරම පිළිබදව වාර්තාවක් පොලිස්පතිවරයාට භාරදීමට විමර්ෂණ නිලධාරීන් කටයුතු කොට ඇති අතර ඉදිරියේදී එම වාර්තාව ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙත භාරදීමට පොලිස්පතිවරයා කටයුතු යොදනු ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com