master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

12 හැවිරිදි දැරියට හදි කළ බාප්පා රිමාන්ඩ් - මව නොමැති විට කාලයක්‌ තිස්‌සේ අතවර කරලා


2018-05-02 10:10:31 -  572 යි

දොළොස්‌ හැවිරිදි (12) පාසල් දැරියක්‌ දූෂණය කිරීමේ චෝදනාව මත අධිකරණය වෙත ඉදිරිපත් කළ බාප්පා කෙනකු මේ මස 09 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට අත්තනගල්ල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිශා විනිසුරු ලක්‌මාල් පෙරේරා මහතා පසුගිය 28 දා නියෝග කර ඇත.
 
 වේයන්ගොඩ විගොඩ බෙම්මුල්ල පදිංචි 41 හැවිරිදි අයෙක්‌ මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.
 
 දැරියගේ පියා නැති බවත් සැකකරු මවගේ දෙවැනි සැමියා බවත් මව නොමැති අවස්‌ථාවලදී කාලයක්‌ තිස්‌සේම වරින් වර දූෂණයට ලක්‌කර ඇති බවත් විවිධ අවස්‌ථාවලදී පාසලේ සිට දැරිය රැගෙනැවිත් ඇත්තේද මොහු බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.
 
 මෙම දැරිය දැනට ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර යළිත් නඩුව කැඳවන මෙම 09 වැනිදා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට නියමිතය. වේයන්ගොඩ පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සුජීව සිල්වා මහතාගේ අධීක්‍ෂණය යටතේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි පොලිස්‌ පරීක්‍ෂිකා ගෝතමී මහත්මිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com