master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අක්කාගෙයි මල්ලීගෙයි අණියම් ඇසුර මාට්ටු


2018-05-01 08:25:46 -  1272 යි

විසිඑක්‌ හැවිරිදි තරුණියක්‌ සමග විෂමාචාර ක්‍රියාවන්වල යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පහළොස්‌ හැවිරිදි සිසුවකු මැයි 9 දින දක්‌වා කිතුලම්පිටිය ළමා නිවාසයේ රඳවා තැබීමට නියෝග කළ ගාල්ල අතිරේක මහෙස්‌ත්‍රාත් අසංගා හෙට්‌ටිවත්ත මෙනවිය එදිනට සිසුවා සම්න්ධයෙන් පරිවාස වාර්තාවක්‌ කැඳවීමටද නියෝග කළාය.

පොලිසිය විසින් කරන ලද පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇති ආකාරයට මෙම සිසුවා සහ තරුණිය අසල්වැසියන් වන අතර සිසුවා නිතරම ඇයගේ නිවසට යැමට පුරුදුව ඇත. ඔවුනොවුන් දෙදෙනාට ආමන්ත්‍රණය කරගෙන ඇත්තේද අක්‌කා සහ මල්ලි කියාය. ඔවුන්ගේ වයස අනුවත් සිසුවා බාල වයස්‌කරුවකු නිසාත් දෙමව්පියන් සැකයක්‌ සිතා නැත.

එහෙත් පසුව එම සහෝදරකම ඊට එහාගිය එකක්‌ බවට දැන ගැනීමෙන් පසු දෙමව්පියන් දෙදෙනාටම අවවාද කර ඇති අතර සිසුවා පසුගිය මාසයේ සිට පාසල් ගමනද නතර කර ඇත.

මේ අතර තම දියණිය දින තුනක සිට අතුරුදන්ව ඇති බවට ඇයගේ දෙමව්පියන් පොලිසියට පැමිණිලි කර තිබේ. පසුව ඒ සම්බන්ධයෙන් සිසුවාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ ඇය සමග මාතර බස්‌ නැවතුම්පළට ගිය අතර එහිදී දුරකථන ඇමතුමක්‌ දී ඇය වෙනත් අයියා කෙනෙකු සමග ගිය බවය. 

හබරාදූව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක චන්දන ප්‍රසාද් ජයතිලක මහතාගේ උපදෙස්‌ පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි උප පොලිස්‌ පරීක්‌ෂිකා මංගලිකා සූරිආරච්චි මහත්මිය සහ සැරයන් විමල් (320120) මහතා විසින් සැකකාර සිසුවා අත්අඩංගවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com