master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සාම උයනේදී අත්වැල් බැඳගත් ලෝකයම මවිත කළ කොරියානු මිතුදම


2018-04-29 08:25:47 -  541 යි

කිසිදා මිතුදමක් ඇතිවේ යැයි සිතන්නට බැරි තරමේ පසමිතුරුකමකින් දශක ගණනක් තිස්සේ වෙන් වී සිටි උතුරු කොරියාව සහ දකුණු කොරියාව ඔවුන්ගේ කතාව නැවත ලියන්නට තැබූ මුල්ම පියවර ලෝකයම විස්මයට පත් කළේ පසුගිය 27 වැනිදාය. කොරියානු  දේශසීමාවේ උතුරු සහ දකුණු කොරියානු දෙරටටම පොදු සාම නිවස නම් ස්ථානයේදී සිදුවුණු උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ග්ගේ සහ දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන්ගේ ඉතිහාසගත හමුවීම ලෝකය පුරා සජීවී ලෙස බලා සිටි පිරිස දහස් ගණනක් වී තිබුණේද එකී විස්මය නිසාමය. ගි‍්‍රනිච් වේලාවෙන් උදෑසන 9. 30ට උතුරු සහ දකුණු කොරියානු නායකයන් එකිනෙකා මුලින් මුණ ගැසී පසුව ඔවුන් දෙදෙනා එක්ව යුද මුක්ත කලාපය හෙවත් සාම නිවස දෙසට ගමන් කළහ. දෙදෙනාම සිනහ මුසු මුහුණුවලින් ඔවුනොවුන් පිළිගත් බවක් පෙණුනේය. ඔබව හමුවීම ගැන මට සතුටුයි  ලෙස දකුණු කොරියානු ජනාධිපතිවරයා උතුරු කොරියානු නායකයා ඇමතූ බව විදෙස් මාධ්‍යය කියා තිබිණි.

කොරියාව, උතුරු කොරියාව සහ දකුණු කොරියාව ලෙස වෙන්වන ලකුණු පළ කරන්නට පටන් ගත්තේ ඔවුනොවුන් අතර වූ බෙදීමක් නිසාම නොවන බව ලෝක ඉතිහාසය කියයි. 1910 දී ජපානය කොරියාව තමන් වෙතට ඈ`දා ගැනීම කොරියාව දෙකඩ වීමේ පසුබිම සැකසූයේය. 1919 කාලය වන විට කොරියානු නිදහස් සටනේ පුරෝගාමීන් ඇමෙරිකානු මතවාදයන් දෙසට ඇදෙන්නට පටන් ගෙන ඇත. කාලයක් තිස්සේ කොරියානුවන් පිරිසකගේ පැවති මෙම මතවාදී ගැටුම තීරණාත්මක අඩියකට පැමිණෙන්නේ 1941 දී ජපානය ඇමෙරිකා එක්සත් ජනපදයේ පර්ල් වරායට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුවයි. කයිරෝ ප‍්‍රකාශනය මගින් කොරියාව නිදහස් රාජ්‍යයක් වියයුතු බව ප‍්‍රකාශකර තිබුණත් යල්ටා සමුළුවේදී තීරණය වූයේ 38 වන සමාන්තරය ඔස්සේ කොරියාව දෙකඩ විය යුතු බවයි. මේ දෙකඩ වීමත් සමග ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් රුසියාව අතර පැවති සීතල යුද්ධයේ ගොදුරක් බවට පත්වූ කොරියාව තව තවත් ඔවුනොවුන්ගෙන් ඈත් වන්නට පටන් ගත්හ.

එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් නැවත කොරියානු සමූහාණ්ඩුව පිහිටුවීමෙන් කොරියානු දෙකඩ වීම අවසන් කිරීමට දැරුණු උත්සාහය ව්‍යර්ථ වූයේ දකුණු කොරියාව දේශසීමා පිළිබ`දව දිගින් දිගටම පැමිණිලි කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ උපකාර පැතීම නිසාය. ලෝකයේ ප‍්‍රබලයන්ගේ බලපෑම් මෙසේ තිබියදී උතුරු කොරියානු හමුදා දකුණු කොරියාවට එරෙහිව යුද මෙහෙයුම් සැලසුම් කළහ. 1950 වසරේ  ජුනි 25 වැනිදා සෝවියට් රුසියාවේ නිෂ්පාදිත යුද උපකරණවලින් සන්නද්ධව උතුරු කොරියාව 38 වන සමාන්තරය ඔස්සේ ගොස් දකුණු කොරියාව ආක‍්‍රමණය කිරීමට පටන් ගත්හ. ආසියානු ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කරමින් කොරියානු යුද්ධය ඇරඹෙන්නේ එතැනිනි.

දෙරටටම ගිනිය නොහැකි තරමේ ජීවිත හා දේපළ හානි සිදු කළ යුද්ධය 1953 වන විට නතර වූයේ යුද සිරකරුවන් පිළිබ`දව ලෝකයෙන් සිදුවූ මැදිහත්වීම් ද මුල් කරගෙනයි. එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමද ඇතිව 1953 ජුනි මස 27 වැනිදා දෙරට අතර සාමගිවිසුමක් අත්සන් කෙරුණේ අළු යට ගිනිපුපුරු ඉතිරිව තිබෙද්දීය.

දකුණු කොරියාව ඇමෙරිකානු උපකාර ලබමින් ලෝකය සමග මුහු වෙමින් දියුණු ආර්ථිකයකට පවා හිමිකම් කීවද උතුරු කොරියාව ලෝකයෙන් ඈත්වූ තනිව සිටින රටක් බවට පත්වූයේය. උතුරු කොරියාව දිගින් දිගටම නියැළෙමින් සිටි න්‍යෂ්ටික කි‍්‍රයාකාරකම් නිසා ලෝකයේ විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ අප‍්‍රසාදයට ලක්වී සිටි උතුරු කොරියාව සාම මාවතට පිවිසෙන්නට පටන් ගත්තේ මේ වසරේදීය.  පසුගිය මාසයේ චීන ජනාධිපතිවරයා ද හමුවූ උතුරු කොරියානු නායකයා පසුගිය 21 වැනිදා නිවේදනය කළේ තම රටේ සිදු කරන සියලූ න්‍යෂ්ටික කි‍්‍රයාකාරකම් නවතා දමන බවයි. ලෝකයේ වැඩිම කතාබහට ලක් වූයේ උතුරු කොරියානු නායකයා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හමුවීමට කැමැත්ත පළ කිරීමයි. මේ සියලූ ආරංචි ලෝකය පුදුමයට පත් කළ අතර දේශපාලන මත පළකරන්නන් අනාවැකි පළ කළේ මේ සියල්ල උතුරු කොරියානු සහ දකුණු කොරියානු නායකයන් හමුවන බවට පළ වන ඉ`ගි බවයි. ඔවුන්ගේ අනාවැකිය සැබෑවක් බවට පත්කරමින් උතුරු සහ දකුණු කොරියානු නායකයන් අතර සාම සමුළුව වෙනුවෙන් සියල්ල සූදානම් කෙරුණේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ සංකල්පයකට අනුවය.

යුද්ධයට පි‍්‍රයව සිටි ආක‍්‍රමණශීලී කිම් ජොන් උන් සාමයට පි‍්‍රයව සාම සමුළුවක් සූදානම් කිරීම ලෝකයේ පැසසුමට ලක්වූ නමුත් කිම් ජොන් උන්ගේ ස්වභාවය නිසා මේ සමුළු සැලසුම ගැන සැක සිතූවෝද නැත්තේ නැත.  සාම යෝජනා පෙරට ඒමත් සමග දකුණු කොරියාවද, උතුරු කොරියාව දිගු කළ සාමයේ දෑතට යහපත් ප‍්‍රතිචාර දැක්වූහ. උතුරු කොරියාව හා නොගැටී සාකච්ඡුා මාර්ගයෙන් සාමය ඇති කරගත යුතු බව දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ගේ අදහස වී ඇත. ඔහුගේ මේ නම්‍යශීලී ප‍්‍රතිපත්තිය සාමය ඇති කර ගැනීම ස`දහා වන මේ සමුළුව සාර්ථක කරවනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ පවසති.  මේ මත සහ අනාවැකි සියල්ල සෑබෑවක් බවට පත්වූයේ දෙරටේම නායකයින්ගේ එක`ගත්වයෙන් කොරියන් යුද්ධය අවසන් වූ බවට නිල ප‍්‍රකාශය නිකුත් වීමත් සමගය. ලෝකය පුදුම කළ මෙම එක`ගතාවට බොහෝ පැසසුම්ද ලැබී තිබුණේය.

සාමය වෙනුවෙන් එක්ව වාඩිවන්නට නායකයන් දෙපළම තීන්දු කළත් සමුළුව ඇරඹීමට පෙර දෙරටේ ආරක්ෂක ප‍්‍රධානීන් අතරේ සාකච්ජා වට ගණනාවක් පවත්වා සමුළුවේ ආරක්ෂාව තහවුරු කරගෙන තිබිණි.  උතුරු කොරියාව වෙනුවෙන් මේ සමුළුවට සහභාගී වන එකම කාන්තාව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ නැගණිය සහ ප‍්‍රධාන උපදේශිකාව ද වන යෝ ජොන්ග් ය. මේ සාම කි‍්‍රයාවලිය තුළ කැපී පෙනෙන චරිතයක් වූ ඇය පසුගිය පෙබරවාරියේ දකුණු කොරියාවේ පැවති ශීත ඔලිම්පික් උළෙලට ද සහභාගී වූයේ දකුණු කොරියාව හා තිබුණු පසමිතුරුකම් අමතක කර දමමිනි. තමන් දකුණු කොරියානු ජනාධිපතිවරයා හමුවී සාකච්ජා කිරීමට කැමැත්තක් ඇති බව පවා කිම් ජොන් උන් දකුණු කොරියාවට දැනුම්දී තිබුණේද ජෝ යොන්ග් හරහාය.

උතුරු කොරියානු සහ දකුණු කොරියානු නායකයන් මීට පෙර මෙලෙස මුහුණට මුහුණ මුණ ගැසී නොතිබීම මේ හමුවීමට මේ තරම් අවධානය යොමුවීමට හේතුවයි. උතුරු  කොරියානු රජයේ ජ්‍යෙෂ්ඨයන් සහ දකුණු  කොරියානු රජයේ ජ්‍යෙෂ්ඨයන් එකිනෙකා හමුවී සාකච්ඡුා පවත්වා ඇත්තේ 2000 සහ 2007 වසර වලදීය. ඒ සාකච්ජා කිසිවක් ඵලදායී නොවූ බවයි කියැවෙන්නේ. මෙවර දෙරට නායකයන් අතර සිදුවන මේ හමුවීම කොරියානු සමුළුව ලෙස නම් කර ඇති අතර මෙය පළමු සමුළුව බව කියවෙන නිසාත් මෙය දිගින් දිගටම පැවැත්වෙන සාකච්ඡුා වටයක් වනු ඇති බවටද මත පළවෙයි.  මෙම සමුළුව අතරවාරයේදී දකුණු කොරියාවෙන් උතුරු කොරියානු නායකයා වෙත විශේෂ ස්විස්ටර්ලන්ත භෝජන සංග‍්‍රහයක් පැවැත්වීමට සූදානම් කර ඇති බවද දකුණු කොරියානු රජය පවසා තිබිණි.

ස්විස්ටර්ලන්තයේ අධ්‍යාපනය ලබා ඇති කිම් ජොන් උන්ට සිය පාසල් සමය සිහිකරවීමට මෙවැනි භෝජන සංග‍්‍රහයක් සැලසුම් කළ බව දකුණු කොරියාව පවසා ඇත. එසේම දෙරටටම විශේෂ මුහුදු ආහාර රැුසකින්ද මේ භෝජන සංග‍්‍රහය සමන්විත වනු ඇත. කොරියානු යුද්ධය අවසන් වූ බවට වූ නිල ප‍්‍රකාශයෙන් පසුව පැවැත්වෙන ප‍්‍රථම භෝජනය වන මෙය දෙරටේම නායකයින්ට නොඅනුමානවම රසවත් වනු ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com