master
New Page 1

දියතාර ටැංකියක්‌ කාන්දු වී නිල්වලා ගඟට මුසුවේ


2017 01 05 08.16 AM -  684 යි

දෙණියාය මාර්ග සංවර්ධන අධිකාරියේ දියතාර ගබඩාකර තිබූ ටැංකියක පසුගිය 02 වැනිදා රාත්‍රි සිදුවූ කාන්දුවක්‌ නිසා එහි තිබූ දියතාර ගලාගොස්‌ නිල්වලා ගඟට මුසුවී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

ලීටර් 500 කට ආසන්න ප්‍රමාණයක්‌ මෙහි ගබඩාකර තිබී ඇති අතර ඒවා ටැංකියෙන් භූමියට කාන්දුවී කාණුවක්‌ දිගේ ගලාගොස්‌ නිල්වලා ගඟට මුසුවී ඇති බව ද පැවසේ.

මෙහි කාන්දුවීම දුටු මුරකරු එය පාලන අධිකාරියට දැන්වීමෙන් පසු දියතාර ගඟට මිශ්‍රවන ප්‍රමාණය අවම කරගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ මාතර ජල සම්පාදනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ජයන්ත පතිරණ මහතා පැවසුවේ නිල්වලා ගගේ ජලය භාවිත කරන්නන් මේ සම්බන්ධයෙන් බියක්‌ ඇතිකර නොගත යුතු බවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com