master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොග්ගලින් ගුවන්ගත වෙමින් ලංකාව බේරා ගත් කැනේඩියානුවා


2018-04-27 13:01:21 -  682 යි

කැටලිනාව බොහොම අපූරු ගුවන් යානයකි. එන්ජින් දෙකක බලය සහිතව, එය විශේෂයෙන්ම සකසා තිබුණේ, සමුද්‍ර කලාපවල ඔත්තු බැලීමට සහ සතුරු ඉලක්කවලට බෝම්බ ප‍්‍රහාර එල්ල කිරීමට ය. ඇමෙරිකානු නිෂ්පාදනයක් වූ කැටලිනාවුන් මුලින්ම භාවිතයට පැමිණියේ වර්ෂ 1935 දී ය.

කරච්චියේ සිට කොග්ගලට පැමිණ විවේකයක් ගන්නට ද ඉඩක් නොලැබුණු බව ඇත්ත ය. එහෙත් බළඝණ නායක ලෙනාර්ඞ් බර්චෝල් රාජකාරියට නොපැකිලූණේ ය. ගුවන් නිරීක්ෂණ චාරිකාවේ කණ්ඩායම, ඔහු ද ඇතුළුව නව දෙනෙකි. කැටලිනාව පැදෙව්වේ බර්චෝල් ය. ඔවුහු අහසට නැගුණහ. ඉක්බිති කිලෝමීටර් 640ක පමණ දුරක් ගිනිකොන දෙසට පියාසර කළහ. ගුවනින් මැලේසියාව ආසන්නයට ගමන් කළහ.

යානය පදවන අතර, බර්චෝල් එක්වරම මුහුදේ බොහෝ දුරින් වෙනස් යමක් දුටුවේ ය. එය කුඩා තිත් බ`දු යම් දෙයකි. කැටලිනාව එදෙසට පියාසර කළේය. එය නැව් සමූහයකි. ඒවා ජපන් රාජකීය හමුදාවට අයත් යුද නැව් කණ්ඩායමක් බවත්, ඔවුන් ලංකාව දෙසට ගමන් ගනිමින් සිටින බවත්, ඔහුගේ නිරීක්ෂණය විය. නෞකා කණ්ඩායමේ ප‍්‍රහාරක ගුවන් යානා ප‍්‍රවාහනය කරන නැව් ද තිබිණි. වහාම කොග්ගල ක`දවුරට රේඩියෝ පණිවුඩයක් දුන් බර්චෝල්, තමන් දුටු දර්ශනය ගැන පවසා, එය හැකි ඉක්මනින් කොළඹට දන්වන්නැයි ද කීවේ ය.

එහෙත් ඊළ`ග මොහොතේ ජපන් නැව්වලින් කැටලිනාවට ප‍්‍රහාර එල්ල වන්නට විය. ඔහු මහත් ආයාසයෙන් යානය මුහුදට බැස්ස වූයේ ය. දිගින් දිගටම ප‍්‍රහාර එල්ල වෙද්දීත් එය දිය මත ර`දවා ගත්තේ ය. සැණෙකින් ජපන් යුද භටයෝ එහි කඩා වැදුණහ.  ඔව්හු කැටලිනාවේ සිටි ගුවන් භටයන් තිදෙනකු මරා දැමූහ. බර්චෝල් ඇතුළු හය දෙනකු සිර භාරයට ගත්හ!

පසුව දැනගත් පරිදි, 1942 අපේ‍්‍රල් 04 වැනි දා බර්චෝල් විසින් නිරීක්ෂණයකර තිබුණේ, ජපාන රාජකීය ගුවන් හමුදාවේ සෙන්පතිවරයකු වන වයිචි නගුමෝගේ ප‍්‍රහාරක නැව් කණ්ඩායමයි. ඒවා ශ‍්‍රී ලංකාව දෙසට එමින් සිටියේ ය.
එකල හදිසි පණිවුඩ යැවුණේ මෝස් සංඥා ක‍්‍රමයට ය. බර්චෝල් දුන් රේඩියෝ පණිවුඩය, කොග්ගලින් කොළඹ යුද ප‍්‍රධානීන් වෙත යැවුණි. කොළඹට ජපන් හමුදාවේ ප‍්‍රහාරයක් එල්ල විය හැකි බව අනුමානකර සිටිය ද, එය කවදාක සිදුවේ දැයි ලංකාවේ බි‍්‍රතාන්‍ය යුද මෙහෙයුම්කරුවන් දැන සිටියේ නැත. එබැවින් කොග්ගලින් පැමිණි බර්චෝල්ගේ පණිවුඩය, අතිශයින් ම වැදගත් විය.

ඒ අනුව, කොළඹ, සතුරු ප‍්‍රහාරයකට මුහුණ දීම ස`දහා කිසියම් ආකාරයකට සූදානම් කෙරිණි. එකල කොළඹ පැවතියේ බි‍්‍රතාන්‍ය හමුදාව යටතේ ය. සර් ජෙෆ්රි ලේටන් ඔවුන්ගේ ප‍්‍රධාන අණ දෙන නිලධාරියා විය. ගුවන් හමුදා කටයුතු එයාර් වයිස් මාර්ෂල් ජෝන් ඞී. අල්බයික් යටතේ ද නාවික හමුදා කටයුතු අද්මිරාල් සර් ජේම්ස් සමර්විල් යටතේ ද පැවතිණි. ඔවුන්, කොළඹ ප‍්‍රධාන නාවික බළඇණියෙන් වැඩි කොටස ආරක්ෂාව පිණිස මාලදිවයින් දෙසට යවා තිබිණි.

බර්චෝල්ගේ නිරීක්ෂණය හරියටම හරි ගියේ ය. පසුව දා, එනම් 1942 අපේ‍්‍රල්  05 වැනි දා උදෑසන 7.30ට පමණ ජපන් ගුවන් හමුදා කොළඹ වරාය සහ අවට ස්ථාන කිහිපයකට  බෝම්බ දැමූහ. ප‍්‍රහාරය මෙහෙයවා තිබුණේ ජපාන සෙන්පති මිට්ෂුවෝ ප‍්‍රෂිඩා විසිනි. ඔවුන් කොළොන්නාවේ තෙල් ටැංකිවලට හෙළුෑ බෝම්බයක්, ඉලක්කය වැරදීමෙන් අංගොඩ මානසික රෝහලට ද වැටුණි. එයින් රෝගීහු ද මියගියහ. ප‍්‍රහාරය නිසා සිදුවුණු පුද්ගල මරණ සංඛ්‍යාව 85කි.
එහෙත් කොළඹ අවට මුහුදේ තත්ත්වය යහපත් නොවීය. ප‍්‍රහාරයට හසුව, කොළඹ වරායෙහි නැංගූරම් දමා තිබුණු හෙක්ටර් HMS Hector නම් බි‍්‍රතාන්‍ය යුද නෞකාව විනාශ විය. වරායෙන් පිටත ඈත මුහුදේ තිබුණු තවත් බි‍්‍රතාන්‍ය යුද නැව් දෙකක් HMS Cornwall iy HMS Dorsetshire ද විනාශ කෙරිණි. බි‍්‍රතාන්‍ය ප‍්‍රහාරක ගුවන් යානා 25ක් ද, ජපන් හමුදාවේ ප‍්‍රහාරක ගුවන් යානා 07ක් ද විනාශ විය. දෙවැනි ලෝක යුද්ධය ගැන තොරතුරු රාශියක් එක් රැුස්කර ඇති zhttps://ww2db.comZ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට, ප‍්‍රහාරවලින් මියගිය යුද භටයන් සංඛ්‍යාව 424කි. දිවි ගලවා ගත් සංඛ්‍යාව 1122කි.

ඉන් පසුව අපේ‍්‍රල් 09 වැනි දා ජපන් හමුදාවෝ යළිත් ලංකාවේ ගුවන් ආක‍්‍රමණය කළහ. ත‍්‍රිකුණාමලය වරාය ආශ‍්‍රිත ප‍්‍රදේශයට ගුවනින් බෝම්බ දැමූහ. එයින් මඩකලපුවට නුදුරු මුහුදේ නැංගූරම් දමා තිබුණු, එච්. එම්. එස්. හර්මීස් HMS Hermes නමැති ගුවන් යානා ප‍්‍රවාහනය කරන බි‍්‍රතාන්‍ය යුද නෞකාව විනාශ කෙරිණි. එයට අමතරව ත‍්‍රිකුණාමලයේ දී සයිග‍්‍රැන්, හෝලිහොක් HMS Hollyhock සහ  ඔස්ටේ‍්‍රලියානු එච්. එම්. ඒ. එස්. වැම්පයර් HMAS Vampire නම් යුද නෞකා ද විනාශ විය. (නටබුන්ව, ත‍්‍රිකුණාමලය වරාය මුහුදේ ගිලී තිබුණු සයිග‍්‍රැන් නෞකාව, වසර 76 කට පසුව, එනම් 2018 මාර්තු මස 23 වැනි දා ශ‍්‍රී ලංකා නාවික හමුදාව  කළ දීර්ඝ මෙහෙයුමක් මගින් නැවත ගොඩ ගනු ලැබී ය.* ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලට ද බරපතළ හානි සිදු විය. ප‍්‍රහාරය ස`දහා ජපන් හමුදාවේ කිමිදුම් බෝම්බකරුවෝ ද එක්ව සිටියහ. ජපන් හමුදාව ත‍්‍රිකුණාමලයට එල්ල කළ ප‍්‍රහාරවලින්, නාවික යාත‍්‍රා ආශ‍්‍රිතව මියගිය යුද භටයන් සංඛ්‍යාව 364ක් පමණ වූහ.

කොළඹට ප‍්‍රහාර එල්ල කරනු පිණිස ජපන් ගුවන් යානා ලංකාවට ඇතුළු වී තිබුණේ කොග්ගල ගුවන ඔස්සේ ය. එම අවස්ථාවේ කොග්ගලට ද යම් ප‍්‍රහාරයක් එල්ල විණි. එකල වැටුණු, එහෙත් පුපුරා නොගිය බෝම්බ, තවමත්  කොග්ගල ඔය පත්ලෙහි තිබෙන බව, ප‍්‍රදේශවාසීහු අදත් විශ්වාස කරති!

දෙවැනි ලෝක යුද්ධය සම්බන්ධයෙන් කරුණු විශ්ලේෂණය කරන බොහොම දෙනකු, ස්කොඞ්රන් ලීඩර් ලෙනාර්ඞ් බර්චෝල් ගැන කතා කරන්නේ මහත් ගෞරවයෙනි. එදා (1942 අපේ‍්‍රල් 05* කොග්ගලින් ඔහු ගිය නිරීක්ෂණ ගුවන් ගමනේ දී, සතුරු නෞකා දුටු බවට දුන් තොරතුර නිසා ලංකාව දැඩි හානියකින් ගැලවුණු බව ඔවුන්ගේ අදහසයි. ඔහුගේ පණිවුඩය නිසා ලංකාවේ බි‍්‍රතාන්‍ය යුද මෙහෙයුම්කරුවන්ට, ප‍්‍රහාරයට මුහුණ දීම ස`දහා යම් සූදානමක් ඇතිකර ගන්නට අවස්ථාව ලැබුණු බව ඔවුන්ගේ පිළිගැනීමයි.

කෙසේ වෙතත් ලංකාවේ ගිනිකොන දිග මුහුදේ දී ජපන් හමුදාවන්ට හසුවුණු බර්චෝල්ට අත්වූයේ නරක ඉරණමකි. සිරකරුවකු වශයෙන් ජපානයට රැුගෙන යනු ලැබූ ඔහු සිරගත කරනු ලැබී ය. පසුව 1945 වසරේ ඔහු නිදහස් කෙරිණි. ඉන් පසුව  කැනඩාවට ගිය බර්චෝල් යළිත් හමුදා සේවයට එක් විය. ඔහු ගැන හැ`දින්වෙන්නේ ලංකාව බේරාගත් ගුවන් කොමදෝරුවරයා යනුවෙනි.

වර්ෂ 1967 දී ඔහු ලංකාවේ සංචාරයකට පැමිණියේ ය. ඉන් පසුව යළිත් 1994 වසරේ දී ද හෙතෙම ලංකාවට පැමිණියේ ය. ඒ, 1994 අගෝස්තුවේ පැවති පාර්ලිමේන්තු මහා මැතිවරණයේ නිරීක්ෂකයකු වශයෙනි. ඔහු අභාවප‍්‍රාප්ක වූයේ 2004 වසරේ දී ය.

ලෙනාර්ඞ් බර්චෝල්ගේ යුද මෙහෙවර සැමරීම පිණිස ඉදි කළ ස්මාරකයක් කොග්ගල ගුවන් හමුදා ක`දවුරේ පිහිටා තිබේ.

ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com