master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ජනාධිපතිගේ ආරක්ෂාවට පමණක් දෙවනිව, පූර්ණ පොලිස් ආරක්ෂාව යටතේ මට්ටක්කුලියේ පාතාල නායකයා යුග දිවියට පිවිසෙයි.


2018-04-27 08:57:37 -  8650 යි

මට්ටක්කුලිය ප්‍රදේශයේ පාතාල සාමාජිකයෙකුගේ විවාහ මංගල උත්සවයක් (25) වත්තල පොලිසියේ පූර්ණ ආරක්ෂාව යටතේ වත්තල ප්‍රදේශයේ උත්සව ශාලාවක පවත්වා තිබේ.
මංගල යුවළ රැගත් මංගල රථය කොළඹ සිට පොලිස් ජීප් රථ හා පොලිස් යතුරුපැදි කීපයක ආරක්ෂාව යටතේ වත්තල පොලිස් බල ප්‍රදේශයේ කදිරාන පාලම වෙත කැඳවාගෙන පැමිණ ඇති අතර පසුව එම ස්ථානයේ සිට වත්තල පොලීසියේ ජීප් රථයක් හා යතුරුපැදියක ආරක්ෂාව යටතේ අදාළ ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාව වෙත කැඳවාගෙන ගොස් තිබූ බව පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙම මංගල උත්සවයට අමුත්තන් තුන්සීයකට වැඩි පිරිසක් සහභාගී වී ඇති අතර ඔවුන් සියලු දෙනා උත්සව ශාලාව ඇතුළත් කරනු ලැබුවේ පොලීසිය ද අධි පරීක්ෂාව යටතේ බවද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මංගල උත්සවය ආරම්භයේ සිට අවසානය දක්වා පොලිස් නිලධාරීන් 20 කට අධික පිරිසක් යොදවා මංගල උත්සව ශාලාව අවට යොදවා ආරක්ෂාව තරකර තිබී ඇත.

මෙම සියලු ආරක්ෂක කටයුතු වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එම ස්ථානයේ රැඳී සිටිමින් මෙහෙයවා තිබෙන බවද පැවසේ. මංගල උත්සවය අවසානයේ යුවළ මධුසමය සඳහා පිටව ගොස් ඇත්තේ ද පොලිස් ආරක්ෂාව මැද බවද පැවසේ.

මෙම මංගල උත්සවය පොලිස් ආරක්ෂාව ලබා දී ඇත්තේ පොලිස්පතිවරයාගේ සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ලිඛිත නියෝගවලට අනුව බව ද පොලීසිය කියයි. මෙම පාතාල සාමාජිකයාගේ විවාහ මංගල දිනයේදී ඔහු ඝාතනය කරන බවට මෝදර ප්‍රදේශයේ ප්‍රතිවාදී පාතාල නායකයකු ඔහුට තර්ජනය කර තිබුණේ පැවසේ.

ඒ අනුව ඔහු සිද්ධිය පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර සිය විවාහ මංගල උත්සවයට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙසට කර තිබූ ඉල්ලීමකට අනුව ඔහුට විවාහ මංගල දිනයේ මෙලෙස පොලිස් ආරක්ෂාව ලබා දුන් බවද පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com