master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අනියම් පෙමට එරෙහි වූ සැමියාට පිහි පාරක්


2018-04-26 10:15:11 -  764 යි

සිය බිරිඳගේ අනියම් සැමියා සමග ගැටුමක් ඇතිකරගත් අයකුට අනියම් සැමියා මස් කපන පිහියකින් කපා කොටා තුවාල සිදු කර ඇතැයි උඩුදුම්බර ‍පොලිසිය ප්‍රකාශ කරයි.

පෙරේදා (24) මෙම සිද්ධිය වී ඇත. කලක් තිස්සේ අදාළ කාන්තාව  එම ප්‍රදේශයේම වෙසෙන්නකු සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත. එය නවත්වන ලෙසට සැමියා ඇයට නිතර නිතර උපදෙස් දුන්නද ඇය එය මායිම් කර නැත. පසුව උඩුදුම්බර ‍පොලිසියට ඒ පිළිබඳ පැමිණිල්ලක් කළ පසු පැමිණිල්ල විභාග කර දෙදෙනාම ‍පොලිසියට කැඳවා ඔවුන් දෙදෙනාටම අවවාද කොට සිද්ධිය සමථයකට පත් කළ බව ‍පොලිසිය කියයි.

ඒ අතර දී ඉකුත් 24 දා පැමිණිලිකරු වන විවාහක ස්වාමිපුරුෂයා තම ඉඩමේ ගඩොල් ගොඩ කරමින් සිට ඇති බවත්, ඔහුගේ බිරිඳ රෙදි සේදීම සඳහා ගල් ඔරුව නමැති ස්ථානයට ගොස් ඇති බවත්, විවාහක ස්වාමි පුරුෂයාට හදිසියේම වෙළෙඳසලකට යාමේ අවශ්‍යතාවක් මතු වී එම මාර්ගයේම යමින් සිටියදී ඔහුගේ බිරිඳ හා අනියම් පුරුෂයා කතාකරමින් සිටිනවා දැක එම ස්ථානයට ගොස් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අනියම් පුරුෂයා විසින් කාන්තාවගේ නිත්‍ය ස්වාමියාට මස් කපන පිහියකින් උරහිස ප්‍රදේශය කපා කොටා තුවාල සිදුකර පලාගොස් තිබේ. තුවාලකරු උඩුදුම්බර රෝහ‍ලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

සිදුවීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් නියෝජ්‍ය ‍පොලිස්පති මහින්ද ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන් මහනුවර කොට්ඨාස භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී සිසිර කුමාර මහතාගේ අධීක්ෂණයෙන් උඩුදුම්බර ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක දුෂාන්ත කාන්දර මහතාගේ මූලිකත්වයෙන් උඩුදුම්බර ‍පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා ඇතුළු උඩුදුම්බර ‍පොලිස් නිලධාරින් පිරිසක් විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

ට්‍රික්සි හේරත් පේරාදෙණිය

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com