master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හාලිඇළ පාසලක සිසුවෙකු අපයෝජනය කළ ගුරුවරියක අද බදුල්ලේදී අත්අඩංගුවට


2018-04-25 09:36:32 -  1749 යි

2017 වසරේ ජූනි මස සිදුවූවායැයි සැක කෙරෙන මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි ලැබී ඇත්තේ 2017 වසරේ නොවැම්බර් මාසයේදී ය.

මේ වනවිට පාසල් සිසුවා සහ ගුරුවරිය මානසික රෝගයකින් පෙළෙන්නේ ද යන්න පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

සිසුවාගේ දෙමව්පියන් චෝදනා කරන්නේ, වයස අවුරුදු 50 වයසැති සැකකාර ගුරුවරිය පාසලේ පැවති උත්සව අවස්ථාවකදී වයස අවුරුදු 15 ක් වයසැති තම පිරිමි දරුවා අපයෝජනය කළ බව ය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකාර පාසල් ගුරුවරිය මේ වනවිට රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත නිදහස් කර ඇත.

මීළඟ නඩු දිනය මැයි මස 04 වන දා කැඳවීමට නියමිත වේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com