master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

SF ලොක්කාට ඇපත් නැතිවෙයි


2018-04-25 08:27:31 -  2186 යි

ලෝකශූර කරාතේ උපදේශක වසන්ත සොයිසා මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැලසුම්කරු බවට චෝදනා ලැබු එස්.එෆ් ලොක්කාට ඇප ලබාදීම තරයේ ප්‍රතික්ෂේප කරමින් සැකකරු ලබන මස (04) වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී ශානක හර්ෂන් මහතා (23) නියෝග කලේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ කාරමික පෙදෙස දහයියාගම හංදිය අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටින ශ්‍රී ලංකා යුද හමුදාවේ ජාතික ආරක්ෂක බලමුළුවට අනුයුක්තව සේවයකර සේවය අතහැර පළාවිත් සිටින දහයියාගම ලොකු නොහොත් එස්.එෆ්.ලොක්කා නොහොත් රණසිංහ ආරච්චිගේ ඉරෝන් රණසිංහ යන අයයි.

පෞද්ගලික බැංකුවකට පරම අයිතිය හිමි සුඛෝපභෝගී අවුට් ලෑන්ඩර් වර්ගයේ ජීප් රියක් කල්බදු වාරික නොගෙවීම නිසා එහි අයිතිකරුගෙන් අත්පත්කරගෙන කොළඹ පිහිටි පෞද්ගලික බැංකුවේ ප්‍රධාන කාර්යාලයට ප්‍රවාහනය කරමින් තිබියදී සුදු පැහැති වෑන් රියකින් පැමිණ මල් අතුඔය පටුමගේදී අදාල රථය නවතා එහිසිටි පුද්ගලයන් බිය ගන්වා ජීප් රිය පැහැරගෙන යාමේ චෝදනාවට සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කරද්දී සැකකරු පසුගිය වසරේ අප්‍රේල් මස (26) වැනිදා අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේදී  අත්අඩංගුවට පත්වූ අතර ඔහුගේ කලිසමේ දකුණු සාක්කුවේ තිබී ජීව අත් බෝම්බය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකාර එස්.එෆ් ලොක්කා නමින් හදුන්වන ඉරෝන් රණසිංහ යන අය වසන්ත සොයිසා මහතාව ඝාතනය කිරිම සදහා කුමන්ත්‍රණය කිරිම ඒ මහතාගේ පැනරෝමා රාත්‍රී සමාජ ශාලාවට පහරදී විනාශ කිරීම යන චෝදනාවට හා ජීව අත් බෝම්බයකින් පැනරෝමා සමාජ ශාලාවට පහරදීම සම්බන්ධයෙන් වසරක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට මහාධිකරණයේ දැඩි ඇප කොන්දේසීමත මුදාහැර සිටින අයෙකි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com