master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

"උදම්මිට සමරේටත් ගේම දුන්නේ චාමර" ගම්පහ වැලි ව්‍යාපාරිකයා ම‍රා දැමු සැලසුම හෙළිවේ, පාතාල නායක චාමරගේ තවත් ගේමක් .!


2018-04-24 10:39:56 -  1701 යි

පසුගිය දින අත්තනගල්ල ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයකදී වැලි පස් ව්‍යාපාරිකයකු ඝාතනය වීම ආන්දෝලනයට තුඩු දුන්නා. මෙම මරණයට හේතුව අනාවරනය කර ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා. 

පාතාල නායක චාමර ඇතුළු කල්ලියක් මගින් මෙම ඝාතනය සිදු කර තිබෙන බවද එයට හේතුව මිය ගිය ව්‍යාපාරිකයාගේ ව්‍යාපාර කටයුතුවල නිරතව සිටියදී ඩීසල් වංචාවක් සම්බන්ධයෙන් ඔහු විසින් ඉවත් කළ පිරිසක් බවත් සදහන්. එහි පළිය ගැනීම සඳහා ඔවුන් මෙම ඝාතනය සිදුකර ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

ඝාතනය සිදු කළ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නමැති මෙම පාතාල සමාජිකයා 2016 දෙසැම්බර් 24 වැනි දින වේයන්ගොඩ පාලම අසලදී මෝටර් රථයක යමින් සිටි ජානක සමන්ත කුමාර නොහොත් "උදම්මිට සමරේ" ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසා තිබිණි.

වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි චාමර නමැත්තා අධිකරණ ඇප මත සිටියදී සූක්ෂ්ම ලෙස මෙම ඝාතනය සැලසුම් කර ඇති බවත් ඔහු තවත් පුද්ගලයන් තිදෙනකු සමඟ මෙම ඝාතනයට සංගීත සංදර්ශනය පැවැති භූමියට පැමිණ ඇති බවත් පොලිසිය පවසයි.

මෙම ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ චාමර නමැත්තාගේ ගෝලයකු නිට්ටඹුව පොලිසිය මඟින් ඊයේ (23දා) අත්අඩංගුවට ගෙන ඇත.

මීට මාස කිහිපයකට පෙර ඝාතනයට ලක්වූ බියගම, හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි රත්න දේවප්‍රිය නැමැති මෙම ව්‍යාපාරිකයා ඔහුගේ ව්‍යාපාර කටයුතුවලට චාමර සහ ඔහුගේ ගෝලයන් සම්බන්ධ කර ගෙන තිබේ. නමුත් චාමර ඇතුළු කණ්ඩායම එම ව්‍යාපාරිකයාගේ වාහනවලින් ඩීසල් ඇද ඔහුට විශාල පාඩුවක් සිදුකර තිබූ බවද පොලිසියට තොරතුරු ලැබී ඇත.

පසුව ව්‍යාපාරිකයා චාමරට බැන වැදී ඔහු ව්‍යාපාරික කටයුතුවලින් ඉවත් කර තිබේ. ව්‍යාපාරිකයා සමඟ වෛරයක් ඇති කර ගත් චාමර ,සංගීත සංදර්ශනයකදි මෙලෙස ඉතා සූක්ෂ්ම අයුරින් ඔහු ඝාතනය කිරීම සඳහා සැලසුමක් දියත් කර තිබූ බවද පොලිසිය පවසයි.

මෙම සංගීත සංදර්ශනයේ පොල්තෙල් පහන දැල්වීමට ව්‍යාපාරිකයාට ආරාධනා කළ සංවිධායකයකුද නිට්ටඹුව පොලිසිය මඟින් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් 21 වැනිදා රාත්‍රියේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් අදාළ ව්‍යාපාරිකයා මියගොස් සංගීත සන්දර්ශනය නැරඹීමට පැමිණි ගැබිනි කාන්තාවක ඇතුළු සිවුදෙනෙක් තුවාල ලැබූහ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com