master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ත්‍රීවීල් මීටරෙන් ගැහිල්ලක්‌ කොමිස්‌ ගහන දේශපාලකයන්


2018-04-23 10:59:54 -  408 යි

ත්‍රිරෝද රථ මීටරයෙන් කොමිස්‌ ගහන ආණ්‌ඩුවේ දේශපාලනඥයන්ගේ නම් ගම් සහිතව හෙට (24 වැනිදා) වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිලි කරනවා. මේ ගැන ජනාධිපතිතුමාවත් දැනුවත් කරනවා යෑයි ලංකා ස්‌වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඊයේ (22 වැනිදා) පැවසීය.

තවදුරටත් කතා කළ හෙතෙම මෙසේ ද කීය. 

යහපාලන ආණ්‌ඩුව දැන් ත්‍රිරෝද රථ රියෑදුරන්ට මීටරේ අනිවාර්යය කරලා මෙතන ලොකු මුදල් මංකොල්ලයක්‌ වෙනවා. මෙසේ ගෙන්වන මීටර්වලින් ආණ්‌ඩුවේ ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනෙක්‌ හොඳට කොමිස්‌ ගහනවා. තව ඉන්නවා. ඒ අයගේ නම් ගම් එක්‌ක අපි අඟහරුවාදාට වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිලි කරනවා.

මේ ත්‍රීවිල් මීටරයක්‌ ආණ්‌ඩුවට තාමත් රුපියල් 3000 කට දෙන්න බැරිවෙලා. මේ ආණ්‌ඩුව අපි වගේ පුංචි මිනිසුන්ව හූරාගෙන කනවා. දේශපාලන බලය යොදාගෙන මේ කරන කොමිස්‌ ගැහිල්ල අපි රටටම හෙළිකරනවා. මගී ත්‍රීරෝද රථ වෘත්තියේ යෙදෙන රියෑදුරන් අද හරිම අමාරුවෙන් පීඩනයකින් ජීවත්වෙන්නේ.

දැන් මීටරේ වගේම මගියාට බිල්පතක්‌ නිකුත් කිරීම අනිවාර්යය කරලා. මේකත් ප්‍රායෝගික නැහැ. මේකට අපි විරුද්ධයි. මේක මගියා හා ත්‍රිරෝද රථ රියෑදුරා අතර ගැටුමක්‌ ඇති කිරීමේ අරමුණින් රජය කරනු උප්පරවැට්‌ටියක්‌.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com