master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සිඟිති දියණිය බලන්න ආ සැමියාට ඇසිඩ් ගැසූ බිරිය


2018-04-17 10:55:37 -  817 යි

සිංහල අලුත් අවුරුදු උදාවත් සමඟ සැමියා සමඟ ඇසිඩ්වලින් ගනුදෙනු කළැයි කියන 29 හැවිරිදි එක් දරු මවක පිළිබඳව අරණායක අම්බලන්කන්ද ප්‍රදේශයෙන් වාර්තා වේ.
අප්‍රේල් 14 වැනි දින සිය බිරියගේ ඇසිඩ් ප්‍රහාරයකට ලක් වූ බව කියන නාවික හමුදා සෙබළකු පිලිස්සුම් තුවාල සහිතව අරණායක දිසා රෝහල වෙත ඉදිරිපත් කර ඇත.

සිද්ධියට සම්බන්ධ ජී.කේ. චන්ද්‍රලතා නමැත්තියක අරණායක පොලිසිය මඟින් 14 වැනි දින සැකපිට අත්අඩංගුවට ගෙන මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව රුපියල් 2500 ශරීර ඇප මත මුදා හැර ඇත. මේ පිළිබඳව වැඩිදුර නඩු විභාගය අප්‍රේල් 24 දක්වා කල් තබා ඇත.

මෙම අඹු සැමි යුවළ අතර කාලයක් තිස්සේම නොහොඳ නෝක්කාඩු වීම් පැවැති බවත් නාවික හමුදා සෙබළා සිංහල අවුරුද්ද වෙනුවෙන් සිය දෙහැවිරිදි සිඟිති දියණිය දැකබලා ගැනීමට පැමිණි අවස්ථාවේ දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් බිරිය විසින් තම සැමියාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට මේ සම්බන්ධයෙන් පැවැති පොලිස්ප රීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

අරණායක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කේ.ජී. අබේකීර්ති, පොලිස් කොස්තාපල් මුණසිංහ (35754), කාන්තා පොලිස් සැරයන් යාපා (3773) යන මහත්ම මහත්මීන් විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com