master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අවුරුදු දා රෑ ආවා කල්ලිය තරුණයන් දෙදෙනෙක් කඩු වලින් කපලා


2018-04-16 10:23:15 -  459 යි

යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේදී  (14) රාත්‍රී තරුණයින් දෙදෙනෙකුව  කඩු වලින් කපා  ඔවුන්ට තුවාල සිදු කොට ඇති බව යාපනයේ නෙල්ලිඅඩි පොලීසිය පැවසීය.

මෙම තරුණයින් දෙදෙනාව කපා දමන්නට ඇත්තේ යාපනයේ ක්‍රියාත්මක ''ආවා ගෲප්'' කල්ලියේ සාමාජිකයින් පිරිසක් බවට පොලීසිය සැකකරයි.

නෙල්ලියඩි මන්දනේ ප්‍රදේශයේදී මෙම පහරදීම් සිදු කොට ඇති අතර අංක තහඩු නොමැති යතුරු පැදිකින් පැමිණි දෙදෙනෙකු විසින් තියුණු ආයුධ වලින් තමන්ට පහර දී පලා ගිය බවටත් පහර දුන් පිරිස් නාඳුනන බවටද පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ තරුණයින් දෙදෙනා පොලීසියට පවසා ඇත.

පහරදීමෙන් බරපතල තුවාල ලබා ඇත්තේ මන්දුවිල් ප්‍රදේශයේ පදිංචි කරුවන් වන ටී.සජින්සන් හා ශ්‍රීධරන් ශ්‍රී ප්‍රභූ යන අයයි. තුවාල කරුවන් මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පහරදුන් පිරිස් ආවා කල්ලියේ බවට සැක කෙරෙන අතර එම පිරිස් සොයා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කොට ඇති බවටද නෙල්ලියඩි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

මෙම සිද්ධියෙන් පසුව එම ප්‍රදේශයට යාපනය පොලීසියෙන්ද අමතර පොලිස් බල ඇණියක් පිටත් කොට යවා තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com