master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අම්පාරේ 'දිගා' බිය හිටපු කොටින්ගේ බොරුවක්‌ - රියර් අද්මිරාල් සරත් වීරසේකර කියයි


2018-04-12 07:56:04 -  574 යි

අම්පාර ප්‍රදේශයේ දිගා කල්ලිය නමින් සිංහල මැර කණ්‌ඩායමක්‌ ක්‍රියාත්මක වන බවට දියත්වී ඇති ප්‍රචාරය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (11 දා) මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කළේය.

මෙම සාවද්‍ය ප්‍රචාරය කැනඩාවේ සිට දියත් වී ඇත. එය ප්‍රචාරය කළ තැනැත්තා හිටපු කොටි හිතවාදියකු බව හෙළිවී තිබේ.

දිගා කල්ලිය නමින් සිංහල බෞද්ධ මැර කණ්‌ඩායමක්‌ අම්පාර සිදුවීම් පසුපස සිටින බවට එම ප්‍රචාරය දියත්වී ඇත.

මෙම අභූත ප්‍රචාරයේ අරමුණ එම බොරු තොරතුරු ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යොමු කිරීම වේ.

දිගා කල්ලිය නමින් කණ්‌ඩායමක්‌ අම්පාරේ නැති බව පොලිසියද ප්‍රචාරය කර ඇත.

මේ අතර උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සෂිදරන්ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සිංහල මැර කණ්‌ඩායම් සිටින බවට බොරු ප්‍රචාර දියත් කර ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com