www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොමිසම පොලිස්පතිටත් තදින් සිටී


2018-04-11 12:18:33 -  754 යි

ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරිවරු පස් දෙනෙක් වැඩබලන නියෝජ්‍ය ‍පොලිස්පති ධුරයට පත්කිරීමට අදාළ ‍පොලිස් නිවේදනය ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් සිය බලතල භාවිත කරමින් එම නිවේදනය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කිරීමට 09 රැස්වුණු ජාතික ‍පොලිස් කොමිසම තීරණය කර තිබේ. එම නිලධාරීන් පස් දෙනා වැඩබලන නියෝජ්‍ය ‍පොලිස්පති ධුරයන්ට පත් කිරීමට තමන් ගත් තීරණය ‍පොලිස්පතිවරයාගෙන් එල්ල වුණු සාධාරණ නොවන විරෝධතා මත කිසිසේත්ම අවලංගු නොකරන බවට තීන්දුවකට ද ජාතික ‍පොලිස් කොමිසම එළැඹී ඇත.

‍පොලිස්පතිවරයා සමග ගැටුමකට නොයා තවදුරටත් වැඩ කිරීමට උපරිම උත්සාහ ගැනීමට ද එහිදී ‍පොලිස් කොමිසමේ සාමාජිකයන් අතර කතාබහක් ද ඇතිව තිබේ. එහෙත් ‍පොලිස්පතිවරයා විසින් කොමිසමේ නියෝග නොපිළිගෙන කටයුතු කරයි නම් කොමිසමට සිය බලය පෙන්වීමට සිදුවනු ඇති බවට කතාබහක් ද ඇතිව තිබෙන බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

කිලිනොච්චිය කොට්ඨාස භාර ‍පොලිස් ප්‍රධානී ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන සහ ‍පොලිස් දුක්ගැනවිලි අංශයේ ප්‍රධානී ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ගාමිණී පෙරේරා යන මහත්වරුන්ට වැඩ බලන නියෝජ්‍ය පෙලිස්පති ධුර ලබාදීම ‍පොලිස්පතිවරයාගේ උදහසට ලක්ව තිබෙන බව සඳහන්ය. ඔවුන් දෙදෙනාට එම පත්වීම් ලබාදීමට තමා කිසිසේත්ම සූදානම් නැති බවත් එසේ වුවහොත් ‍පොලිස්පති ධුරය අතහැර යන බවත් ‍පොලිස්පතිවරයා සිය සමීපතමයන් කිහිප දෙනකුට පවසා ඇති බව ‍පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com