www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පොලිස්‌පතිතුමනි! ගම්පොල පොලිසිය නිරුවතින්....! පත්තරකාරයෝ නිසා තමයි උඹලාට දඩ ගහන්නේ යෑයි පවසා දඩ එකතු කිරීමේ අලුත් ක්‍රමයක්‌!


2018-04-11 11:12:11 -  1968 යි

ගම්පොල - සුරංග දිල්හාන්
 
 ගම්පොල නගරයේ පදික මංතීරු තුළ රථවාහන නවතා තැබීමෙන් මහජනයාට සිදු වන අපහසුතාවය පිළිබඳව හෙළි කරමින් පළ කළ පුවත්පත් වාර්තාවක්‌ කපා එය ලැමිනේටින් කර එය පෙන්වමින් පත්තරකාරයෝ නිසා තමයි උඹලාට දඩ ගහන්නේ යෑයි පවසා රථවාහන දඩ එකතු කිරීමේ අලුත් ක්‍රමයක්‌ ගම්පොල රථවාහන අංශය ක්‍රියාත්මක කිරීම නිසා ගම්පොල මාධ්‍යවේදීන් දැඩි අපහසුතාවට පත් වී තිබේ.
 
 මෙම ක්‍රියාව පිළිබඳ පොලිසියේ ඉහළ නිලධාරීන්ට දැන් වුවද එය නැවතී නොමැති නිසා මේ පිළිබඳව පොලිස්‌පතිවරයාට දැන්වීම සඳහා මාධ්‍ය සංගම් කටයුතු කරමින් සිටින අතර ආරක්‌ෂක අමාත්‍යවරයාටද දැන්වීමට ක්‍රියා කර තිබේ. ගම්පොල නගරයේ පටු වීදි තුළ ඇති කුඩා පදික තීරු තුළ මෙසේ රථවාහන නවතා තැබීම නිසා මහජනයාට මාර්ගයට බැස ගමන් කිරීමට සිදුවන නිසා දැඩි අනතුරුදායක තත්ත්වයක්‌ මතුව තිබේ.
 
 විශේෂයෙන් ගම්පොල - නුවර මාර්ගයේ මෙම තත්ත්වය දැඩිව බලපාන අතර එම අනතුර පෙන්වාදීම පොලිසියේ උදහසට ලක්‌ව තිබේ. පොලිසිය මේ අයුරින් මාධ්‍යවේදීන් අපහසුතාවට පත් කිරීමට උත්සාහ ගත්තද කරුණු වටහා ගත් ජනතාව පවසන්නේ මේ නිසා පොලිසිය ඉබේම දැඩි යෑයි අප්‍රසාදයට ලක්‌ වන බවය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com