www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ආවා කල්ලිය යළි හිස ඔසවන ලකුණු - තරුණයෙකු වටකර තියුණු ආයුධවලින් පහරදීලා


2018-04-11 10:38:59 -  653 යි

යාපනය තෙලිප්පලෙයි පොලිස් වසමේ ඊයේ (10) රාත්‍රියේ යතුරුපැදි කල්ලියකින් පැමිණි පිරිසක් තරුණයෙකුට තියුණු ආයුධ වලින් පහර දී පලා ගොස් ඇති බවට තෙලිප්පලෙයි පොලීසිය කියා සිටියා.

තෙලිප්පලෙයි කලෙයිවානි පුස්තකාලය අසලදී ඊයේ (10) රාත්‍රී 8.ට පමණ මෙම පහර දීම සිදුකර ඇති අතර පහරදීමෙන් කැපුම් තුවාල ලබා ඇත්තේ තෙලිප්පලෙයිහි පදිංචි 19 හැවිරිදි රවිචන්ද්‍රන් ලක්ෂාන් නැමිති තරුණයෙක්.

අදාල පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පහර කෑ තරුණයා පොලීසියට පවසා ඇත්තේ යතුරුපැදි කිහිපයකින් පැමිණී පිරිසක් එකවරම තමන්ට පහරදීම හේතුවෙන් පහරදුන් අය නාඳුනන බවටයි.

පහර දීමෙන් තුවාල ලැබූ තරුණයා මේ වන විට තෙලිප්පලෙයි රෝහලේ ප්‍රතිකාර ලබන අතර අදාල පහරදීම ආවා කල්ලියේ සාමාජිකයින්ගේ ක්‍රියාවක් බවට සැකකරන බවටත් එම පිරිස් හඳුනාගැනීමට පරික්ෂණයක් අරඹා ඇති බවටද තෙලිප්පලෙයි පොලීසිය වැඩි දුරටත් කියා සිටියා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com