master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තරුණියන්ට මාපියන් නැතිව තනියම එන්නැයි කියන අවලම් අම්බලම් වූ රූපවාහිනී නාලිකා; අද ස්වර්ණ කුමරිය සහ සීඊඕ මහේන්


2018-04-08 11:17:08 -  1968 යි

ලංකාවේ රූපවාහිනී නාලිකා ගැහැණු ළමයෙකුට ගේට්ටුවෙන් ඇතුලට යෑමට නොහැකි අවලම් අම්බලම් තත්ත්වයට වැටී තිබෙන අසික්කිත පැමිණිලි රාශියක් ලංකා ඊතලය නිව්ස් වෙත ලැබී තිබේ. මේවා අතරින් සිරස සහ ස්වර්ණවාහිනිය අංක එකට පැමිණ තිබේ. සිරසේ ප්‍රවෘත්ති දොඩවන ගැහැණු ළමුන් කිලී මහාරාජාගේ ලිංගික අවශ්‍යතා ඉටු කළ යුතු අතර ස්වර්ණවාහිනියේ සේවයට පමණක් නොව විවිධ වැඩ සටහන් වලට සහභාගී වන ගැහැණු ළමුන් පවා එහි සිටින ප්‍රධාන විධායක මහේන් පෙරේරා නමැති වනචරයාගේ ලිංගික අවශ්‍යතා ඉටු කළ යුතු දුරාචාර තත්ත්වයට ඇද වැටී ඇත.

මේ සම්බන්ධයෙන් මෑතකම ලැබුණු ප්‍රධානතම පැමිණිල්ලක් වන්නේ පසුගියදා ස්වර්ණවාහිනියේ ස්වර්ණ කුමරිය ලෙස තෝරා ගත් තරුණියට මහේන් පෙරේරා නමැති වනචරයා කර ඇති අසික්කිත ක්‍රියාවකි. ජයග්‍රහණය ලැබීමෙන් පසු අදාල චෙක් පත ලබා ගැනීමට පසු දිනයක ස්වර්ණවාහිනියට එන්නැයි ඇයට දැනුම් දී ඇත. එදින ඇය පැමිණ ඇත්තේ තම මව්පියන් සමග ය. මව්පියන්ට ඇතුළු වීමට අවසර දී නැත. ඇය කැඳවා ඇති මහේන් පෙරේරා තනියම නෑවිදින් මව්පියන් සමග ආවේ ඇයිදැයි ප්‍රශ්න කර චෙක් පත නොදී ආපසු යවා ඇත. චෙක්පත ලබා ගැනීමට නම් තනියම එන්නැයි පවසා තිබේ.

මෙකී ස්වර්ණ කුමරිය තරගය පවත්වන වකවානුවේ දී ද මහේන් පෙරේරා හැසිරී ඇත්තේ අවලම් ආකාරයෙනි. තරග විනිශ්චය මණ්ඩලයක් සිටියද කුමරියන්ගේ සියළු කටයුතු සිදුකර ඇත්තේ මොහු විසිනි. වෙනත් සේවකයන්ට තරඟකාරියන් සමග කතාකරන්නට පවා ඉඩ දී නැත. කතා කළ හැක්කේ ඔහුට පමණි. වරක් තරඟකාරියන් ඇඳිය යුතු රෙද්ද තමන්ම අඳිමින් මේක මෙයාට හොඳයි මේක අරයාට හොඳයි යනුවෙන් නරි නාටක නටා ඇත්තේ ප්‍රධාන විධායකයෙකුට නොගැලපෙන ආකාරයට ය. තරඟකාරියන් වේශ නිරූපනය කරන ශිල්පීන්ට මෙයාගේ බඩේ උපන් ලපයක් තිබෙනවා, මෙයාගේ කලවේ කළු පැල්ලමක් තිබෙනවා ආදී අවලම් කතා කියමින් එම ලප වැසීමට හැකිදැයි විමසා තිබේ.

මහේන් පෙරේරා යනු කුමරියන් තේරීමේ දී පමණක් නොව සමස්ථ ස්වර්ණවාහිනී පරිපාලනයේ දී ද පිස්සු කෙළින බහුබූතයෙකි. සමහරක් ආයතන රැස්වීම් සවස 4 ට යොදා ගන්නා මොහු ඒවා මධ්‍යම රාත්‍රියද පසුවී පාන්දර 2 පමණ වනතුරු පවත්වයි. මොහුගේ වැඩ කෙරුවාව කොතෙක්දැයි යත් පසුගිය වසරේ හොඳම නිවේදකයා ලෙස සම්මාන ලාභී ස්වර්ණවාහිනී නිවේදකයා නිවේදක වෘත්තියෙන් ඉවත් කර වෙනත් වැඩකට යොදවා තිබේ.

මේ වන විට ස්වර්ණවාහිනිය පවතින්නේ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ බැවින් මහේන් පෙරේරා නම් වනචාරී බහුබූතයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර තීන්දුවක් ගත යුතුය. පරීක්ෂණයක් සිදුකරන්නේ නම් සාක්කි දීමට ඉහටත් උඩින් මිනිසුන් ගැහැණුන් සිටිති.

60 දශකයේ ගුවන් විදුලියේ දෝන කමලාවතීලාගෙන් හෙළිදරව් වී මේ වන විට වසර 60 ක් පමණ ගත වී ඇතත් ලංකාවේ විද්‍යුත් මාධ්‍ය වල වනචරකම් වල අඩුවක් වී නැත. මේවායින් බහුතරයක් සත්‍යවශයෙන්ම මාධ්‍ය ආයතන නොව කප්පම්කාර ලිංගික විකෘති මේනියා වලින් පෙළෙන වනචරයන්ට අයත් හෝ එවුන් පාලනය කරන නම්බුකාර බ්‍රොතල් ය. අවලම් අම්බලම් ය. එසේ තිබෙන අතරේ මොවුන් ජනමාධ්‍ය ආයතන වලට හිමි ජනමාධ්‍ය ගරුත්වයද ජනමාධ්‍ය වරප්‍රසාද ද බලාපොරොත්තු වෙති. මොවුන්ගේ දුරාචාර ගැන වචනයක් කතා නොකරන සමහර ජනමාධ්‍ය සංවිධාන වල කුලීකාරයෝද මේ අවලම් අම්බලම් ඉදිරියේ රතිඤ්ඤයක් පත්තු වූ විට වෘෂණ කෝෂයට පැට්‍රල් වැදුනා සේ උඩපනිති.

(සිරසේ ප්‍රවෘත්ති දොඩවන ගැහැණු ළමුන් කිලී මහාරාජාගේ ලිංගික අවශ්‍යතා ඉටු කළ යුතු ආකාරය හෙළිකෙරෙන විස්තරාත්මක ලිපියක් මතුවට ගෙන එන්නෙමු.)


  ඔබේ අදහස්
Nme - පෙරුමාල්
Message -මෙයා මේ නාමල්නෙ. මොකද මේ මහේන් කියල අලුත් නමක් දා ගෙන?
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com