master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කාන්තාවට නිරුවත පෙන්වා මේක වීඩියෝ කරපන් කියූ පුද්ගලයාට වැඩ වරදී


2018-04-07 08:26:58 -  710 යි

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ
 
 අසල් වැසි කාන්තාවකට නිරුවත පෙන්වා මේක වීඩියෝ කරපන් යෑයි තර්ජනය කළ බව කියන පුද්ගලයකු ලක්‌ෂ දෙකක ශරීර ඇපමත මුදාහරින ලෙස කළුතර මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය. 
 
 මෙහි සැකකරු වූයේ වයික්‌කාල තඹරවිල පදිංචි ජානක චන්දසිරි සිල්වා නමැත්තාය.
 
 අසල් වැසි නිවසක කෑ ගැසීමක්‌ ඇසී එය බැලීමට තමන් පාරට ගිය අතර තමන් අත ජංගම දුරකථනය තිබූ අතර එය දුටු සැකකරු තෝ රණ්‌ඩුව වීඩීයෝ කරන්න ආවා දැයි අසමින් මේක වීඩීයෝ කරපන් යෑයි නිරුවත පෙන්වූ බවත් පැමිණිලිකාරිය පොලිසියට ප්‍රකාශ කළ බව කොස්‌තාපල් (55301) ගුනේන්ද්‍ර මහතා අධිකරණය හමුවේ සැකකරු ඉදිරිපත් කරමින් කියා සිටියේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com