www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පොතට තිත තියා පෙමට දිරිදුන් සිසුවිය එක්‌දරු පියා සමඟ අත්අඩංගුවට


2018-04-06 07:48:50 -  1099 යි

අරණායක - ගරුමුණි තිලකරත්න
 
 පාසල් අධ්‍යාපනයට වඩා ප්‍රේමයට ලොල්වී විසිහතර හැවිරිදි එක්‌දරු පියකු සමඟ පැනයමින් සිටි පහළොස්‌ හැවිරිදි පාසල් සිසුවියක්‌ කඩුගන්නාව දුම්රිය ස්‌ථානයේදී හෙම්මාතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
 ඉකුත් 29 වැනිදා සිට නිවසින් අතුරුදන්ව සිටියදී මෙලෙස පොලිස්‌ අත්අඩංගුවට පත්ව ඇත්තේ හෙම්මාතගම නගරයේ ප්‍රසිද්ධ විදුහලක මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි ගිනිහප්පිටිය ප්‍රදේශයේ බාල වයස්‌කාර පාසල් සිසුවියකි. හෙම්මාතගම ගම්පොල මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ රියෑදුරෙකු වශයෙන් සේවය කළ රඹුක්‌කන ප්‍රදේශයේ සිට පැමිණි 24 හැවිරිදි එක්‌ දරු පියකු සමඟ මාස හතරකට පමණ ආසන්න කාලයක්‌ තිස්‌සේ පෙම් සබඳියාවක්‌ පැවැත්වූ බව කියන මෙම තරුණිය පසුව ඉහත කී දිනයේ සිට නිවසින් අතුරුදන්ව තිබේ. පෙම්වතා සමඟ පොළොන්නරුව ප්‍රදේශයට පලා යැම සඳහා කඩුගන්නාව දුම්රිය ස්‌ථානයේ රැඳී සිටියදී මෙලෙස පොලිස්‌ අත්අඩංගුවට ගෙන තිබේ.
 
 පොලිස්‌ අත්අඩංගුවට පත් 24 හැවිරිදි එක්‌දරු පියා මාවනැල්ල දිසා මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙතද බාල වයස්‌කාර පාසල් දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා කෑගල්ල මහ රෝහල වෙතද ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
 
 කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී කේ. ඩී. ආනන්ද සේරසිංහ, සහකාර පොලිස්‌ අධිකාරී ගාමිණී තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස්‌ පරිදි හෙම්මාතගම පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඩී. මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ පාලන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක චන්ද්‍රසේන, පොලිස්‌ කොස්‌තාපල් (50690) ධම්මික, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති කා.පො.ස.(1066) චන්ද්‍රd, කා.පො.කො.(5444) ධම්මිකා යන නිලධාරීන් විසින් මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදුකරන ලදී.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com