master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ශ්‍රීලනිප ඇමැතීන්ට විශ්වාසභංග 16ක්‌; එජාපය අද කථානායකට භාරදෙයි


2018-04-06 07:29:39 -  546 යි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ඇමැතිවරුන් සම්බන්ධයෙන් විශ්වාසභංග යෝජනා 16 ක්‌ කථානායක කරු ජයසූරිය මහතා වෙත අද (6 වැනිදා) භාරදීමට නියමිතය.

එම විශ්වාසභංග යෝජනාවන් සඳහා මේ වන විට මන්ත්‍රීවරුන් 30 දෙනකු පමණ අත්සන් කර ඇති බවත් පාර්ලිමේන්තුවේදී අද උදැසන කථානායකවරයා වෙත ඒවා භාරදෙන බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඊයේ (5 වැනිදා) පැවැසීය.

ආණ්‌ඩුවේ සිටිමින් ආණ්‌ඩුවේ දේවල් උලාකමින් ආණ්‌ඩුවට එරෙහිව විශ්වාසභංගයේදී ඡන්දය පාවිච්චි කළ එම ඇමැතිවරුන් 16 දෙනා කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසයක්‌ නැති බවට යෝජනා කරමින් සහ ඔවුන් තවදුරටත් ආණ්‌ඩුවේ ඇමැතිකම් දැරීමට සුදුස්‌සන් නොවන බවත් යෝජනා කරමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බව මන්ත්‍රීවරයා කීය.

එම ඇමැතිවරුන් 16 දෙනාට විරුද්ධව වෙන වෙනම විශ්වාසභංග යෝජනා 16 ක්‌ කථානායකවරයා වෙත භාරදෙන බවත් මන්ත්‍රීවරයා කීය.

උදේට මහින්ද රාජපක්‍ෂ සමග විඡේරාමයේදී ඩීල් දමා දවල්ට ජනාධිපතිවරයා සමග ජනාධිපති මන්දිරයේ සාකච්ඡාවට වාඩිවෙන එවැනි ඇමැතිවරුන් ආණ්‌ඩුවට පිළිලයක්‌ බවත් මන්ත්‍රීවරයා කීය.

"ඩබල් ගේම්" ගහන එවැනි දේශපාලනඥයන්ට තමන්ගේ දේශපාලනයක්‌ ගෙන යැමට අවශ්‍ය නම් ආණ්‌ඩුවෙන් ඉවත් විය යුතු බවත් එහෙත් ආණ්‌ඩුවේ සිටිමින් ආණ්‌ඩුවට විරුද්ධව අත එසවීමට ඔවුන්ට සදාචාරාත්මක අයිතියක්‌ නැතිබවත් රහුමාන් මන්ත්‍රීවරයා පැවැසීය.

විශ්වාසභංගයේදී අගමැතිවරයාට එරෙහි වූ කැබිනට්‌, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිකම් දරන එම ශ්‍රීලනිප ඇමැතිවරුන් තවදුරටත් එම ඇමැතිකම් දැරීමට සුදුසු නොවන බව තමන්ම වටහා ගත යුතු බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවැසීය.

ආණ්‌ඩුව නියෝජනය කළ ශ්‍රීලනිප ඇමැතිවරුන් වන එස්‌.බී. දිසානායක, සුසිල් ප්‍රේම ජයන්ත, දයාසිරි ජයසේකර, චන්දිම වීරක්‌කොඩි, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා, සුසන්ත පුංචි නිලමේ, ජෝන් සෙනෙවිරත්න, ටී. බී. ඒකනායක, අනුරාධ ජයරත්න, තාරානාත් බස්‌නායක, ලක්‍ෂ්මන් වසන්ත, සුමේධා ජී. ජයසේන, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යන මහත්ම මහත්මීහු විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය පාවිච්චි කළහ.

  ඔබේ අදහස්
Nme - පෙරුමාල්
Message -ඇත්තම කියනවනම් ඒ 16 දෙනාට රෙදි අඳින්න අයිතියක් නෑ. හෙලුවෙන් ඉන්න ඕන.
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com