master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දවසකට 15000ක කුඩු ගහන අයිය මලෝ මාට්ටු


2018-04-05 12:04:13 -  1165 යි

දිනකට රුපියල් 15000 ක හෙරොයින් පානය කිරීම සඳහා මුදල් උපයා ගැනීමට නිවාස කොල්ලකෑ අයියා මලෝ දෙදෙනෙකු රාගම ‍පොලිසියේ නිලධාරීන් පෙරේදා (03) සවස අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම, වල්‍පොළ පදිංචි 29 හැවිරිදි එක්දරු පියෙක් සහ ඔහුගේ බාල සහෝදරයා වන 24 හැවිරිදි අයෙකි. ඔවුන් දෙදෙනා හෙරොයින් පානයට තදින් ඇබ්බැහිවූවන් බව ‍පොලිසිය පවසයි.

රාගම, පෑලියගොඩ, කඳාන, කිරිබත්ගොඩ, කඩවත, ගණේමුල්ල, ගම්පහ, වත්තල යන ප්‍රදේශවල නිවාස බිඳ දේ‍පොළ සොරාගෙන ඇතැයි රාගම ‍පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක කැළුම් බණ්ඩාර මහතා පැවසීය.

නිවාස වලින් සොරාගත් දේ‍පොළ අතරින් රූපවාහිනී යන්ත්‍ර 14 ක්, ලැප්ටොප් යන්ත්‍ර 08 ක්, රන් භාණ්ඩ, ඩිජිටල් කැමරා, ජංගම දුරකථන ආදිය ‍පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් රන්භාණ්ඩ ඇතුළු දෑ රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා බව ‍පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් දෙදෙනා මීට පෙරද නිවාස කොල්ලකෑම් සම්බන්ධව අත්අඩංගුවට ගත් අය බවද ‍පොලිසිය සඳහන් කරයි.

රාගම ‍පොලිස් වසමේ සිදුවූ අපරාධයක් සම්බන්ධව සී.සී.ටී.වී දර්ශන ඔස්සේ කරන ලද පරීක්ෂණවලදී මෙහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී නිවාස බිඳ කරන ලද සොරකම් සම්බන්ධව තොරතුරු අනාවරණය වී ඇත.
සොරකම් කරන ලද දේ‍පොළ කැලණිය, තොටළඟ, ග්‍රෑන්ඩ්පාස්, දෙමටගොඩ ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්ට අලෙවිකර ඇත.

මෙම වැටලීම රාගම ‍පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි, වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක කැළුම් බණ්ඩාර ‍පොලිස් කොස්තාපල්වරුන් වන 27096 උපනන්ද, 47674 ප්‍රියන්ත, 68577 සංජීව, 71282 ගුණරත්න,78997 පෙරේරා,79574 සඳුන්,82306 උදය,‍පොලිස් කොස්තාපල් රියදුරන් වන 19430 චානක,80613 කුමාර යන නිළධාරීන් සිදුකරන ලදි.

සාලිය කුමාර ගුණසේකර

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com