master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නිල ඇඳුමෙනුත් ‍පොඩ්ඩන්ට කැපිල්ලක් ‍පොලිසියේ තව කැත බෙදිල්ලක්


2018-04-04 07:58:23 -  7328 යි

සැමට එක හා සමාන ලෙස සැලකීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වුවද රැකියාවල නියැළීමේදී එවන් තත්ත්වයක් දැකිය නොහැක. පාලනයේ පහසුවට සකස් කර ගෙන ඇති තනතුරු නාම නිසා උසස් තනතුරුවලට වැඩි වැඩියෙන් සැලකිලි, පහසුකම් ලැබිම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. එම නිසාවෙන් ජනවහරේ එන පහත් තැනින් යයි ගලා ජ‍ලේ කියමන සනාථ කරමින් වැරදි, අඩුපාඩු සියල්ල අවසානයේ පහළම සේවකයා මතට පැටවෙන්නේ නිරායාසයෙනි. මේ තත්ත්වය රාජ්‍ය සේවකයන්ට විශේෂ වුවද එයිනුත් ත්‍රිවිධ හමුදාව හා ‍පොලිසියට අති විශේෂය. ඊට හේතුව විනය පාලනය කර ගැනීම සඳහා නොයෙකුත් ආකාරයේ විනය නීති රීති එහි සාමාජිකයින් මත පනවා තිබිමය. අප මෙහි කතා කරන්න යන්නේ ‍පොලිසියේ උසස් නිලධාරීන් හා පහළ නිලධාරීන් යනුවෙන් වෙන්කර සිදුකරනු ලබන සැලකීමක් සම්බන්ධයෙනි.

‍පොලිසියට ඇත්තේ එක් එක් වර්ණයක නිල ඇඳුමකි. 85,000කට අධික ‍පොලිස් නිලධාරීන්ගෙන් 65,000ක් වූ කනිෂ්ඨ ‍පොලිස් නිලධාරීන් අඳින ඇඳුම එක හා සමාන වුවද උප ‍පොලිස් පරීක්ෂක සිට ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති තනතුර දක්වා වූ සෙසු නිලධාරීන් අඳින ඇඳුම නොයෙකුත් ආකාරයේ වෙනස්කම් වලින් යුක්තය. නිල ඇඳුමේ වර්ණය, ඇඳුමේ රෙද්ද හා මසා ඇති ආකාරය ආදී නොයෙකුත් වෙනස්කම් දක්නට ලැබේ. එහෙත් කනිෂ්ඨ ‍පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමේ රෙද්ද හා මසා ඇති ආකාරය අතර හා වර්ණය යන සියල්ලන්ම එක හා සමානය. මීට හේතු කාරණා බොහෝයි.

සාමාන්‍යයෙන් සෑම ‍පොලිස් නිලධාරියකුටම වසරකට නිල ඇඳුම් දෙකක් සඳහා රෙදි ලබාදෙයි. මීටර් 7.5 ක රෙදි ඒ සඳහා දෙපාර්තමේන්තුවෙන් ලබාදෙයි. එහිදී ‍පොලිස් කොස්තාපල්ගේ සිට ‍පොලිස් සැරයන් දක්වා වූ නිලධාරීන් සඳහා මසා නිමකළ ඇඳුම් ලබාදෙයි. එහෙත් ඉන් ඉහළ උප ‍පොලිස් පරීක්ෂක තනතුරේ සිට ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා දක්වා තනතුරුවලට රෙදි ලබා දී තමන්ට කැමැති ස්ථානයකින් නිල ඇඳුම් මසා ගැනීමට අවස්ථාව ලබාදෙයි. ඒ අනුව කනිෂ්ඨ ‍පොලිස් නිලධාරීන්ට නිල ඇඳුම් මසා ගැනීම සඳහා රුපියල් 850ක ඇඳුම් මසා ගැනීමේ කුලියක් දෙපාර්තමේන්තුවෙන් ගෙවන අතර ඉන් ඉහළ නිලධාරීන්ට රුපියල් 2200ක් එක් ඇඳුමක් මසා ගැනීම සඳහා මුදල් ගෙවයි. මෙහිදී සිදුවන්නේ කනිෂ්ඨ ‍පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුම් මසනු ලබන්නේ ‍පොලිස් කොට්ඨාසය භාර ‍පොලිස් අධිකාරිවරයා ටෙන්ඩර් කැඳවීමෙන් තෝරා ගන්නා ඇඳුම් මසන්නෙකි. එසේ තෝරා ගැනීම සඳහා පිළිගත් ටෙන්ඩර් පටිපාටියක් තිබුණද ඒ බව හඟවා අතුරු මාර්ග ඔස්සේ වාහන ගමන් කරන අයුරු උසස් නිලධාරීන් නොදන්නවා නොවේ. මෙසේ ගැටලුව අවසන් වන්නේ ඔවුන් මසන ඇඳුම් නියමිත මිම්මට නොතිබිමයි. එක්කෝ ඇඳුම ශරීර ප්‍රමාණයට වඩා වැඩිය. නැතිනම් අඩුය.

දැන් අවුරුදු තුනක් දුන්නා. නිල ඇඳුම්වලින් මැසූ ඇඳුම් 5ක් තවම තියෙනවා. ඒවා අඳින්න බෑ. ප්‍රමාණය කුඩයි. මේ නිසා අතින් සල්ලි දීලා නිල ඇඳුම් මහ ගන්නවා. උසස් නිලධාරීන්ට රෙදි දෙනවා වගේ අපිටත් රෙදි දීලා ඇඳුම් මැසීමට දෙන කුලිය දුන්නා නම් අපිත් හොඳ තැනකින් මහගන්නවා. මොකද අපිට ඇඳුම් නැතුව වැඩට එන්න බෑනේ. ඒ නිසා අපි කියන්නෙ ඔක්කොම අඳින්නේ එක ඇඳුම. ඒකේදිවත් එක හා සමානව සලකන්න කියලයි කනිෂ්ඨ ‍පොලිස් නිලධාරියෙක් පැවැසීය.

රාජ් මේඝවර්ණ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com