www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සංගීතාගේ මව මියයයි !


2018-04-03 17:00:53 -  663 යි

ප්‍රවීන කලා ශිල්පිනියක වන සංගීතා වීරරත්න මහත්මියගේ මව ඩේසි අයිරාංගනී වීරරත්න මහත්මිය අද (03) පෞද්ගලික රෝහලකදී අභාප්‍රාප්ත වී තිබේ.

මිය යන විට 80 වැනි වියේ පසුවූ ඇය දියණියන් දෙදෙනෙකුගේ මවකි.

ප්‍රවීන චිත්‍රපට කලාකරුවකු වන තිමති වීරරත්න මහතාගේ බියද වන ඩේසි මහත්මියගේ බැණනුවන් වනුයේ වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්ක්ස් පුද්ගලික සමාගමේ (සියත TV, සියත FM, වර්ණම් TV, වර්ණම් FM හා කිස් රේඩියෝ) සභාපති රොෂාන්ත කාරියප්පෙරුම මහතාය.

අවසන් කටයුතු හෙට (04) බොරැල්ල කනත්තේදී සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි ඥාතීන් දන්වා සිටියේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com