www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රාජකාරි කළා ඇති නේද..? ට්‍රාන්සර් යන්න කැමැතිද කියලා මගෙන් ඇහුවා පොළොන්නරුවේ වැලි ජාවාරම්කරුවන්ගෙන් අඩවි ආරක්‍ෂක නිළධාරියෙකුට මැර ප්‍රහාරයක්..!


2018-04-03 12:53:15 -  520 යි

පොළොන්නරුව සියඹලාගස්‌වාඩිය ප්‍රදේශයේ අනවසර වැලි ජාවාරම්කරුවන් පිරිසක් කොටුකර ගැනීමට ගිය පොළොන්නරුව වන ජීවී අඩවි ආරක්‍ෂක කාර්යාලයේ සහකාර අඩවි ආරක්‍ෂක පී. එම්. බී. විඡේකෝන් වැලි ජාවාරම්කරුවන්ගේ පහර කෑමට ලක්ව තිබෙනවා. 

ජාවාරම් කරුවන්ගෙන් මෙලෙස පහර කෑමට ලක්වුනු ඔහු මේ වනවිට පොළොන්නරුව මහා රෝහලේ  ප්‍රතිකාර ලබන අතර ඔහු තමන් මුහුණ දුන් අත්දැකීම විස්තර කලේ මෙලෙසින්.
 
"අපිට පෙරේදා (01වැනිදා) රාත්‍රී තොරතුරක්‌ ලැබුණා 8.30 ට විතර වැලි ජවාරම්කරුවන් පිළිබඳව. ඒ අනුව මමයි කාර්ය මණ්‌ඩලයයි සූදානම් වෙලා සියඹලාගස්‌වාඩිය ප්‍රදේශයේ අනවසර වැලි ජාවාරම්කරුවන් වැලිගොඩ දමන ස්‌ථානය පරීක්‍ෂා කිරීමට ගියා. අපට තොරතුරු ලබාදෙන්නා පැවසුවේ මිල්ලගස්‌වාඩිය ප්‍රදේශයටත් අපේ ටීම් එකක්‌ යොදවන්න කියලා. ඒ දාලා මිල්ලගස්‌ හන්දියට මම ටීම් එකක්‌ එක්‌ක ආවා. ඒ එද්දී ට්‍රැක්‌ටර් සද්දය ඇහුණා. අපි යද්දී අපි සිටි තැනට දෙන්නෙක්‌ ආවා. එක්‌ අයෙක්‌ හඳුනා ගත්තා මම.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com