master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

විශ්වාස භංගය කල් දමන්නැයි ඊයේ සාකච්චාවේදී ජනපතිගෙන් ඉල්ලයි.. ජනපති බෑ කියයි..


2018-04-03 07:54:04 -  435 යි

හෙට (04) දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන විශ්වාස භංගය ගැන සාකච්චා කිරීම සදහා ඊයේ (02) පස්වරුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මුණ ගැසුනි.

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග සාකච්චා කර හෙට දිනයේ විශ්වාස භංගය විවාදයට නොගෙන ටික දිනකට කල් දමා ගැනීම සදහා එකගතාවයක් ඇති කරන්නා ලෙස එම පිරිස විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

නමුත් එම ඉල්ලීමට ජනාධිපතිවරයාගෙන් සුබවාදී ප‍්‍රතිචාරයක් නොලද බවද එම ආරංචි මාර්ග තහවුරු කර සිටී.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com