චීන අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය තහිටි දූපත අසල මුහුදට කඩාවැටෙයි
|

2018-04-03 07:37:04
- 394
යි
අක්‍රීය වූ චීන අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය දකුණු ශාන්තිකර සාගරයේ තහිටි දූපතට ඔබ්බෙන් කඩාවැටී ඇත.
ටියන්ගොන් -1 නමින් හඳුන්වන මෙම අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය පැයට සැතපුම් 17000 ක වේගයෙන් පෘථිවිය වෙත පැමිණ තිබේ.
පාසල් බස් රියකට සමාන මේ මධ්‍යස්‌ථානය කුමන ස්‌ථානයකට කඩා වැටෙන්නේද යන්න ගැන චීන බලධාරීන්ද දැන සිටියේ නැත.
එහෙත් චීන අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය බ්‍රසීලය අවට ප්‍රදේශය වෙත කඩාවැටෙන බවට වාර්තා කර තිබුණි.
මෙම අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය චීන වේලාවෙන් පෙරවරු 8.15 ට පෘථිවිය වෙත අවතීර්ණ වී ඇත.
මේ අභ්‍යවකාශ මධ්‍යස්‌ථානයේ බර ටොන් 8.5 ක් වේ.
2011 වසරේදී උඩුගුවනට යවනු ලැබූ ටියන්ගොන් මධ්‍යස්‌ථානයේ කටයුතු 2016 දී නතර විය.
මෙම මධ්‍යස්‌ථානයේ නතර වී සිටි අභ්‍යවකාශගාමීන් 2013 දී ඉන් ඉවත්විය.
ටියන්ගොන් - 1 මධ්‍යස්‌ථානය අක්‍රීයවීමෙන් පසු චීනය මියන්හොන් - 2 මධ්‍යස්‌ථානය 2016 සැප්තැම්බර් මස උඩුගුවනට යවනු ලැබීය.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|