master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කජු කැඩීමේ රැගෙන ගොස් 12 හැවිරිදි දරුවා අපයෝජනය කරයි


2018-04-02 12:56:19 -  684 යි

කජු ඇහිඳීමට යැයි පවසා කැඳවාගෙන ගිය වයස අවුරුදු 12 ක් වන කුඩා පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බව කියන 34 හැවිරිදි වතු මුරකරුවෙකුව මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 31 වැනිදා දහවල් කාලයේ මෙම අපචාරය සිදුවී ඇති බව පොලීසියටලැබී ඇති පැමිණිලේ සඳහන්.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මාදම්පේ පොලිස් වසමේසෙම්බුකට්ටිය ප්‍රදේශයේ පුද්ගලික වත්තක මුරකරුවෙකු ලෙස සේවය කරමින්සිටි අයෙක්.

අතවරයට පත්ව ඇති දරුවා තවත් දරුවන් කිහිප දෙනෙකු සමග ක්‍රීඩා කරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී පැමිණ ඇති සැකකරු කජු කැඩීමට යැයි පවසා දරුවාව තමන් සේවය කරන වත්තට කැඳවාගෙන ගොස් තිබෙන බව සඳහන්.

එම වත්තේ ඇති පාළු මුර මඩුවකදී සැකකරු දරුවා අපයෝජනයට ලක් කර ඇති බව විමර්ශණ වලදී හෙළිවී ඇත්තේ. පසුව දරුවා අතට රුපියල් 100 ක මුදලක් දී ඇති සැකකරු මේ බව කිසිවෙකු හා නොකියන ලෙස බල කර ඇති බව පොලීසිය කියා සිටියේ.

සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනු ලබනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com