master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මන්ත්‍රිවරියක් එජාපයට විකිණිලා: ඡන්දය දෙන්න ලක්ෂ 2ක් දුන්නාලු


2018-03-29 07:53:55 -  621 යි

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර, අරණායක රත්න හෙම්මාතගම

අරණායක ප්‍රාදේශීය සභාවේ නිලවරණයේදී රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගෙන එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරියක පෙරේදා (27දා) පස්වරුවේ පැවැති මාධ්‍ය
හමුවකදී එම මුදල ලබාගත් ආකාරය හෙළි කර සිටියාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වැඩිම මන්ත්‍රි ධුර සභික ගණනක් හිමි අරණායක ප්‍රාදේශීය සභාවේ 26දා සභාපති පත් කිරීමට රහස් ඡන්ද විමසීමක් පැවැත්වූ අතර එහිදී එජාපය වැඩි ඡන්ද 2ක් ලබා සභාපති ධුරය ලබා ගත්තේය.

එහෙත් මෙම ඡන්දය භාවිත කිරීමේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරියක වන ඉෂාරා මධුෂානි එක්සත් ජාතික පක්ෂයට පක්ෂව ඡන්දය භාවිත කළ බවට පසුව අනාවරණය විය. මෙම මන්ත්‍රිවරියට ඡන්ද තීරණය ගැනීමට වූ කාරණය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය මෙම තීරණයට එළැඹුණු කරුණු කාරණා හෙළි කර සිටියාය. එහිදී අදහස් දැක්වූ මන්ත්‍රිවරිය,

මම දෙබත්ගම කොට්ඨාසයෙන් ඡන්දයට ඉදිරිපත් වී ජය ලබා ගත්තා. පසුව එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්න කියලා රුපියල් ලක්ෂ 2ක මුදලක් ලබා දුන්නා. මම ඒක නැවත යැව්වා. මට මේ මුදල දීලා කිව්වා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් තවත් තුන් හතර දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙනවා. ඒ නිසා ඔයාත් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්න කියලා. ඊට පස්සේ මම ඡන්දය ලබා දුන්නා. බලද්දී ඡන්දය දීලා තියෙන්නේ මං විතරයි. මට ඕනෑ මං අතින් වුණු මේ වරද දැන් ජනතාවට ප්‍රකාශ කරලා නිවැරැදි කරගන්න. මම රැවටුණා. මට ඒ මුදල රාජසන්තක කරන්න ඕනෑ කියලා ඉල්ලීමකුත් තියෙනවා.

මෙම සල්ලි දීලා මන්ත්‍රිවරුන් නම්මා ගන්න කටයුත්තට මාධ්‍යවේදියෙක් සම්බන්ධ කර ගෙන තමයි සියලු මෙහෙයුම් කටයුතු සිද්ධ වුණේ. ඒ වාගේම තවත් මන්ත්‍රිවරයෙක් සහ සමෘද්ධි නිලධාරියෙක්ද මේ කටයුත්ත පිටුපස ඉන්නවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායක ඩබ්ලිව්. ජයරත්න මහතා
අපි මේ සඳහා නීතිමය කටයුතු කරනවා. ඊට පස්සේ අරණායක ප්‍රාදේශීය සභාවේ බලය නැවත වතාවක් පොදුජන පෙරමුණ සතුකර ගැනීමට අවශ්‍ය කටයුතු කරන බව ජනතාවට ප්‍රකාශ කර සිටින්නට කැමැතියි. මන්ත්‍රිවරුන් ඩැහැ ගන්න මේ අය ලක්ෂ 32ක මුදල් යොදවලා තිබෙනවා. ඒ වගේම මේකට සන්ධානයේ මන්ත්‍රිවරුන්ද සම්බන්ධයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com