master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පොලීසියට ගලුත් ගහලා කැරලි මර්දනෙත් කැඳවලා ඒ අස්සේ සෙම්බගවල්ලි සභාපති වෙලා


2018-03-28 14:24:36 -  841 යි

පළාත් පාලන මැතිවරණයේ අලූතින් ස්ථාපනය කරන ලද මස්කෙළිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපතිවරයා තේරීම දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හමුවේ මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (28) උදෑසන 10.30 මස්කෙළිය අම්බාල් ශාලාවේ පවත්වා තිබේ.

ලංකා කම්කරු කොංග‍්‍රසයේ හා ස්වාධීන කණ්ඩායමක සහයෝගය මත සභිකයන් 8 දෙනෙකුගෙන් සමන්විත ඝණ පුර්ණයකින් මස්කෙළිය ප‍්‍රාදේශිය සභාවේ සභාපතිනිය ලෙස ලංකා කම්කරු කොංග‍්‍රසයේ සෙම්බගවල්ලි මහත්මිය එක්සත් ජනතා නිදහස් පෙරමුණේ එස්.ඒ. දිසානයක මහතා විසින් යෝජනා කර ඇත.

එම සභාවේ සභාපතිවරයා සඳහා වෙනත් නම් යෝජනා නොවු නිසා සෙම්බගවල්ලි මහත්මිය සභාපතිනිය ලෙස තේරීපත්ව ඇත.

සභාවේ උප සභාපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පෙරියසාමි ප‍්‍රදීපන් මහතාගේ නම ලංකා කම්කරු කොංග‍්‍රසයේ පෙරුමාල් ආනන්ද රාජ් මහතා විසින් යෝජනා කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ සභිකයින් 6 දෙනෙකුගේ දැඩි නොසන්සුකාරී තත්ත්වය හමුවේ සභාව පිහිටුවන ලදී. මේ  වන විට පොලීසියටද ගල් ප‍්‍රහාර එල්ල වෙමින් පවතියි.

මස්කෙළිය ප‍්‍රාදේශීය සභාව සභික ධුර 16 කින් සමන් විත වන අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයින් 7 දෙනෙකු ලංකා කම්කරු කොංග‍්‍රසයෙන් සභිකයින් 7 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් 1 සභිකයෙකු හා එක්සත් ජනතා නිදහස් පෙරමුණෙන් 1 සභිකයෙකු එම සභාවට තේරීපත් වි ඇත. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com