master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සසදි දුවට එ්ඞ්ස් නෑ මිනිසුනේ, ඇයට ආදරය දෙන්න


2018-03-25 10:41:23 -  698 යි

අද පූදින මල් කැකුළු ඉරට හැරී පිපෙන්නේ ද පිපී සුව`ද දෙන්නේද හෙටටය. හෙටට සුව`ද දෙන්නට පිපෙන්නට සැරසෙන පුංචි මල් කැකුළකි ඈ. ආදරයෙන් සිනාසුණු මේ මල් කැකුළ අද  හ`ඩන්නීය. පිපෙන්නට ඉඩ නොදී තළා දමන්නට පය ඔසවන මිනිසුන්ගෙන් සැ`ගවෙන්නීය.ඈට අපි සසදි නමින් අමතමු. ආදරයම උරුම කරගත්තියකැයි කියන්නට බැරි තරමේ කතාවකි, පුංචි සසදිට ඇත්තේ. අවුරුදු නමයක් වුව ඈ පවා නොදන්නා ඇගේ කතාව ආදරණීය කරවන්නේ ආදරණීය අම්මා තාත්තා  ය. මේ මගෙ දුවම තමයි අම්මා සසදි ට කියන්නේ එහෙමය. දුව මගෙන් සමහර වෙලාවට අහනව අම්මේ මම හිටියෙ ඔයාගෙ බඩ ඇතුළෙ නේද, මම කිරි බිව්වෙ ඔයාගෙන් නේද කියල. මට ඒ වෙලාවට හිතෙනව ඇත්තටම එහෙම වුණා නම් අපට මෙහෙම දුකක් නෑ නේද කියලත් සසදිගේ අම්මා සසදිගේ කතාව කියන්නට පටන් ගන්නීය.

මට මේ දරුවව ලැබෙන්නෙ මම කොහොමටවත් හිතපු විදියට නෙවෙයි. මේ කතාව මේ දරුවත් දන්නවා. ඒත් එයාට මේ ගැන හරියට තේරුමක් නැහැ. ඇත්තම කිව්වොත් මේ මගෙ අක්කගෙ දුවට ඉපදුණු දරුවා. අක්කගෙ දුවට අපි කිව්වෙ බබා කියල. අපි හැමෝම හරි ආදරෙන් එයාව හැදුවෙ. ඒ කාලෙ අපි හිටියෙ දඹුල්ලේ. අක්කගෙ දුව පිරිමි ළමයෙක් එක්ක යාළුවෙලා තිබුණා. ඒ සම්බන්ධෙ ගැන අපි දැන ගත්තේ හැමදේම වුණාට පස්සෙ. මේ දරුවව ලැබෙන්න එද්දි එයාට වයස 16 ලැබුවා විතරයි. බැ`දලා හිටියේ නැහැ. ඒ යාළුවෙලා හිටපු කොල්ලා කුඩුවලට ඇබ්බැහිවෙලා හිටියා කියලා අපි දැනගත්තෙත් පස්සෙ. දරුවා ඉපදුණේ මාතලේ ඉස්පිරිතාලෙ. කොහොමහරි දරුවගෙ උප්පැන්නෙට නම නම් අරගත්තා. දරුවා ඉපදුණු වෙලාවෙ ඉ`දල ළ`ග ඉ`දගෙන බලාගත්තේ මමයි මගෙ මහත්තයයි. අක්කගෙ දුවට දරුවෙක් හදාගන්න තේරුමක් තිබුණෙ නැහැනෙ. ඒ නිසා අපි දරුවව ගත්තා.

ජීවිතයට දැනෙමින් තිබුණු කිරි සිනහවක අඩුව පිරවුණු ඒ දවස අම්මාට අද වාගේ මතක ඇත්තේය. හරියටම කිව්වොත් අපට මේ දරුවා නැතුව බැරි වුණා උතුරාගිය මව් සෙනෙහස කතා කළේ එහෙමය. ජීවිතයට ආ ආදරණීය කිරි සිනහව රැුක ගන්නට මේ අම්මාත් තාත්තාත් සිය ජීවන මාවත් පවා වෙනස් කරගන්නට තීන්දු කර තිබෙන්නේය.

අපි ගම අත්හැරලා මීට අවුරුදු පහකට විතර කලින් ගණේමුල්ල කුඩාබොල්ලත පදිංචියට ආවා. මගෙ මහත්තයට ස්ථිර රස්සාවක් නැහැ. අදටත් එයා කරන්නෙ පේන්ට් වැඩ. අපි තවම ඉන්නෙ කුලියට. එහෙම තියෙද්දිත් අපි මේ දරුවාව හදාගන්න ළ`ගට ගත්තා. අපි දරුවාව ඉස්කෝලෙ යවන්න තමයි ගම්පහට ආවෙ. අපේ නෑදෑයොත් ගම්පහ ඉන්නවා. පළවැනි පන්තියේ ඉ`දලම අපි දරුවව යැව්වෙ කුඩාබොල්ලත ශ‍්‍රී සුමංගල ප‍්‍රාථමික විද්‍යාලයට. එක වසරෙ ඉ`දලම දුව පන්තියේ පළවැනියා. මුල් කාලෙ අපට කිසි ප‍්‍රශ්නයක් තිබුණේ නැහැ. මේ ඔක්කොම දේවල් පටන් ගත්තේ ගිය අවුරුද්දේ මාර්තු මාසෙ 15 වැනිදා. දින වකවානු හරියටම මතක තියෙන්නත් හේතුවක් තියෙනවා. ඉස්කෝලෙ විදුහල්පති මටයි මගෙ මහත්තයටයි පණිවුඩයක් එවලා තිබුණා එදාට ඉස්කෝලෙට එන්න කියලා. අපි ගියාම අපට කිව්වා අපේ දරුවට ඒඞ්ස් තියෙනවා ඒ නිසා දරුවව ඉස්කෝලෙන් අස් කරගෙන යන්න කියලා. අපි ඒකට අකමැති වුණාම අපිට කිව්වා ගමෙන් යන නිසා ළමයව ඉස්කෝලෙන් අස් කරල දෙන්න කියල්ල ඉල්ලීමක් කරල ලියුමක් ලියල දෙන්න කියලා. අපි ඒ කියපු එක දෙයකටවත් කැමති වුණේ නැහැ. එදා ගෙදර ඇවිත් පහුවැනිදා උදේ මම වෙනදා වගේම දුවව එක්කරගෙන ඉස්කෝලෙට ගියා. එදා කිසිම කෙනෙක් මම එක්කවත් දුව එක්කවත් කතා කළේ නැහැ.

පන්තියේ ළමයින්ගෙ අම්මලා තාත්තලා ඔක්කොම වගෙ ළමයින්ව අරගෙන ගෙවල්වලට ගියා. මාත් එක්ක කතා කරන්න ආවෙ පන්ති භාර ටීචරුයි, ඉංග‍්‍රීසි ටීචයි විතරයි.

දරා ගන්නට බැරි වේදනාවක් හිතේ ගුලිකරගත් සසදිත් අම්මාත් කරකියා ගන්නට දෙයක් නොමැතිව පාසලට වී සිටියේ කළ වරද කුමක්දැයි සිතාගන්නට බැරිවය. මම උදේ 8.30 විතර වෙනකල් ඉස්කෝලෙටම වෙලා හිටියා. දුවත් ඇ`ඩුවා ගෙදර යන්න බැහැ කියලා. දුව අ`ඩද්දි මටත් හිතුණා ගෙදර යන්න බැහැ කියලා. ඒ නිසා ඉස්කෝලෙන් එළියට ඇවිත්  මම දුවවත් අරගෙන ගණේමුල්ල ටවුමට ආවා. ඊට පස්සෙ තමයි ගෙදර ඇවිත් වෙච්ච දේවල් මහත්තයට කතා කරලා  කිව්වෙ.

එදා පටන් මේ පුංචි පවුලට වි`දින්නට වී ඇති දුක්, අපවාද චෝදනා අපමණය. පාසලේ දරුවන්ගේ දෙමව්පියෝ පාසල් ගේට්ටුව හරස් කරමින් උද්ඝෝෂණය කළහ. සසදිට පාසල එන්නට තබා ගමේ ජීවත්වන්නට පවා නොදෙන තරමට දේ ගම පුරා පැතිර ගොස් තිබුණේ ලැව් ගින්නකටත් වඩා වේගයෙනි. සසදිට රැුකවරණය දුන් තාත්තාට වරෙක පිරිසක් පහරදී තිබුණේ ගමෙන් පිටව යන ලෙස බල කරමිනි.

මගේ මහත්තයට ගමේම කට්ටියක් ගහල දවස් තුනක් ඉස්පිරිතාලෙත් නතරවෙලා හිටියා. තවමත් ඒ නඩුවත් ඉවර නැහැ. දවසක් ගමේ කෙනෙක් පිහියක් අරගෙන අපිව මරන්න ආවා. එදා ? 10 විතර වෙනකල් අපි පොලිසියේ හිටියේ. ඒත් පොලිසියෙන්වත් ඒ වෙලාවෙ අපට උදව්වක් හම්බ වුණේ නැහැ.

ඔය අතරෙ දවසක් අපට ආයෙත් ඉස්කෝලෙට එන්න කියල තිබුණා. අපි ඉස්කෝලෙට යද්දි රැුස්වීම් ශාලාවෙ රැුස්වීමක් තිබුණා. ඒ රැුස්වීමේ කතා කළේ ඒඞ්ස් ගැන. වීඩියෝත් පෙන්නුවා. ඒවා බලල ළමයි කියන්න පටන් ගත්තා අන්න සසදිගෙ ඒඞ්ස් කතාව පෙන්නනවා කියලා. අපි හැමෝම කරකියා ගන්න දෙයක් නැතුව අසරණ වුණා.

පාසල් යන්නට තබා නිදහසේ හුස්ම ගන්නටවත් ඒඞ්ස් කතාව පුංචි සසදිට ඉඩ ලබා නොදුන්නේය. මානව හිමිකම් කොමිසම තෙක් දුරදිග යන්නේ මේ කතාවය. මානව හිමිකම් කොමිසමෙන් මානුෂීය තීන්දුවක් ලැබෙතත් විස`දුම පිළිගන්නට සසදිගේ පාසලවත් ගම්මුවත් මානුෂීය වී නැත්තේ ඈ තව තවත් අසරණ කරමිනි.

මාස තුනක් විතර මේ කරදර හිරිහැර අපි වින්දා. මානව හිමිකම් එකෙන් කිව්ව දුවව ඉස්කෝලෙට අරගෙන වෙනදා වගේ ඉගෙනගන්න දෙන්න කියලා. ඒත් ඒ තීන්දුව කවුරුත් පිළිගත්තෙ නැහැ. අපි පිහිටක් හොයාගෙන ගිය හැම තැනකින්ම අපිව එළවාගත්තා. කලාප කාර්යාලෙන් අපිට බැන්න. ප‍්‍රින්සිපල් ඉස්කෝලෙ රැුස්වීමෙදි දරුවට හෙණ ඉල්ලලා තිබුණා. මේ වෙන කිසිම දෙයක් ගැන දරුවට තේරෙන්නේ නැහැ. එයාට  ඕන ඉස්කෝලෙ යන්න විතරයි. ඒත් හැමෝම මූණටම එක එක ඒවා කියද්දි එයා බයවෙනවා.

සිදුවෙමින් තිබුණු දේ, පැතිරෙමින් තිබුණු කතා තව තවත් නරකට හැරෙන්නේ සසදිගේ සැබෑ අම්මා ගමට ආ කතාවත් සමගය. දුවගෙ අම්මා මීඩියා එක්ක ඉස්කෝලෙට ආවා කියලා පැතිරුන ආරංචියට ගම්මු අපට තව තව දේවල් කියන්න ගත්තා.

සසදිගෙ ඇත්ත අම්මා මම නෙමෙයි කියලා ගොඩක් අය දන්නවා. සසදිගෙ අම්මගෙ  ඇත්ත කතාව, සසදිට ඒඞ්ස් කියන කතාව ගමට ආවෙ කොහොමද කියන්න අපි දන්නෙ නැහැ. දරුවගෙ අම්මා දරුවට උදව් කරන බව ඇත්ත. පොත් පත් අරගෙන දීල දරුවගෙ අඩුපාඩු බලනවා. අපේ ගෙදර ඇවිත් දුවව බලලත් යනවා. දුව දන්නෙ නැහැ ඒ එයාගෙ අම්මා කියලා. ඒත් දෙන්නා හරි එකතුයි. සමහර දවසට දුවගෙන් එයා අහනව කොළඹ ගිහින් ඉස්කෝලෙ යන්න කැමතිද කියලා. ඒ වෙලාවට දුව කියනවා මම අම්මලව දාලා යන්න කැමති නැහැ කියලා. දුවගෙ අම්මට ඒඞ්ස් තියෙනවා කියලා අපි දැන ගත්තෙත් මීට අවුරුදු තුනකට විතර කලින්. දැන් එයා වුණත් බෙහෙත් බීලා හො`දට ඉන්නවා. දැක්කම හිතන්න බැහැ එහෙම ලෙඩක් තියෙනවා කියලා. දුවගෙ අම්මට ඒඞ්ස් තියෙනවා කියලා දැන ගත්තට පස්සෙ දුවවත් පරීක්ෂණවලට ගත්තා. ගොඩක් පරීක්ෂණ කරලා කිව්ව දුවට ඒඞ්ස් නැහැ කියලා. අනික මේ දරුවට ඒඞ්ස් තියෙනවා නම් මේ විදියට ජීවත්වෙන්න බැහැනෙ. දුව ඉගෙන ගන්න වගේම සිංහල, ඉංග‍්‍රීසි භාෂා දෙකෙන්ම හො`දට ලියන්න පුළුවන්. භාෂා තරගවලින් පළාත් මට්ටමට පවා ගියපු මේ දරුවව ගිය අවුරුද්දටම කිසිම තරගෙකට යැව්වෙ නැහැ. ඉගෙන ගන්නත් දුවට තියෙන්නෙ පුදුම ආසාවක්. එයා පොඩි කාලෙ ඉ`දලම කියන්නෙ කවදාහරි දොස්තර කෙනෙක් වෙනවා කියලා. බෙහෙතක්  ගන්න දොස්තර කෙනෙක් ළ`ගට ගියත් එයා ඉල්ලන්නෙ වෙද නළාව.

මේ වෙච්ච දේවල් නිසා දුවට පාඩම් වැඩ ගොඩක් පාඩු වුණා. දුවගෙ හතරෙ පන්තිය භාරව හිටපු ටීචර් ටික කාලෙකට කලින් ඉස්කෝලෙන් මාරුවෙලා ගියා. ඒ ටීචර් දරුවව ගෙන්නගෙන මගහැරුණු පාඩම් වැඩ  කියලා දෙනවා. ගමේ වෙච්ච ප‍්‍රශ්න නිසා දුවව ගමේ පන්තිවලට වත් යවා ගන්න බැරි වුණා. දැන් යන්නෙ ගම්පහ, ජාඇල  පන්තිවලට. දුව මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයට ලියනවා. හැබැයි මේ වෙච්ච දේවල් නිසා මට දැනෙනවා දරුවට ඉගෙන ගන්න තිබුණු උනන්දුව අඩුවෙලාද කියලත්. මේ දරුවා හොඳ අනාගතයක් තියෙන දරුවෙක්, දරුවගෙ දක්ෂකම දැකපු හැමෝම ඒක කියනවා. මට  ඕන දුවව රැුක ගන්න. මට ඒකට උදව් කරන්න ඉදිරිපත් වුණේ රන්ජන් ඇමතිතුමා විතරයි. අපට දැන්  ඕන දරුවට ඉස්කෝලයක්.

මව් සෙනෙහස සසදි වෙනුවෙන් යදින්නේ ජීවිතයයි. සසදිගේ සැබෑ සතුටයි. ජීවිතය වෙනුවෙන් අරගල කරන මේ අම්මාටත් තාත්තාටත් ඇති එකම වටිනාකම  සසදි වන නිසාම ඇය වෙනුවෙන් ජීවිතයම වුව කැප කරන්නට ඔවුන් දෙවරක් නොසිතනු ඇත.

සසදිගේ පිපී සුව`ද හමන්නට තිබෙන ජීවිතය අසරණ කරවන්නට වෙර දරන්නේ සසදිගේ කතාවේ අගමුල හරි හැටි ගළපා නොගත්තවුන්ය. කතාවේ අතීතය නොදන්නේ වුව වර්තමානය දත යුතුය. ඒඞ්ස් සුළගින් බෝවන බවට වන මානසිකත්වය අපේ රටේ තැනින් තැන වරින් වර මතුවන්නේ ඇයි දැයි සිතා ගන්නට බැරිය. කුලියාපිටියේ කතාවට මහනුවර ත‍්‍රිත්ව විදුහලෙන් විස`දුම් ලැබී වසරක් දෙකක් යන්නට මත්තෙන් ගම්පහින් එම කතාව මතුවීම රටේ අවාසනාව නොවේද? එ්ඞ්ස් සුළඟින් බෝවන බව විදුහල්පතිවරුන්ට උගන්නනවාදැයි සිතෙන්නේ කුලියාපිටිය සේම ගම්පහ කතාවටත් පාසලත්, විදුහල්පතිවරයාත් මුල් වූ නිසාය. කුලියාපිටියේ කතාව වත් මතකයේ ඇත්නම් ගම්පහ විදුහල්පතිවරයා එ්ඞ්ස් බෝවන්නේ කෙසේදැයිවත් දත යුතුය. විදුහල්පතිවරයාගේ ක‍්‍රියාවෙන් මැනෙන්නේ ඔහුගේ දැනුමය. කෙසේ වුවත් දුවණියට එ්ඞ්ස් ඇතත් නැතත් ඉන් ඵලක් ඇත්තේද? ඇය යන මග අහුරන්නට එ්ඞ්ස් මාතෘකාවක් කරගැනීමට අයිතිය ඇත්තේ කාටද? පිපී සුව`ද හම්න්නට වෙර දරන මල් කැකුළක් ඒඞ්ස් නමින් තළා පොඩිකර දමනවාදැයි සිතා බැලිය යුත්තේය. ඒ ඒඞ්ස් වෛරය පතුරවන්නට තවත් එක් වචනයක් කර නොගත යුතු නිසාමය.

නෙලූෂා සිල්වා


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com