master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඉන්දියන් හමුදාවටත් බැරිවුණු ප්‍රභාගේ වන්ෆෝ බේස් සුන් කරන්න මහසෝන් බළකායෙන් ගිය මාරාන්තික ගමන


2018-03-24 08:30:06 -  1635 යි

පසුගිය සතියෙන්

කොටින්ට පවා නොතේරෙන අයුරින් කොටි කඳවුරු තුළට රිංගමින් මේ වන විටත් මොව්හු තොරතුරු විශාල ප්‍රමාණයක් රැස් කර ගත්හ.

පළමු ඉලක්කය සොයා යෑමට දින අටක සැලසුමක් සකස් කෙරිණි. මෙහෙයුම සඳහා අවශ්‍ය කෑම බිම, අවි ආයුධ හා වතුර බෝතල්වලින් සන්නද්ධ වූ විශේෂ ප්‍රහාරක කණ්ඩායම ජනකපුර ප්‍රදේශයෙන් කොටි අඩවියට රිංගා ගත්හ. දොළොස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් හොර රහසේම කොටි බලකොටුවට රිංගා උපක්‍රමශීලීව ඉදිරියට ඇදෙන්නට වූහ. කිලෝමීටර් අසූවක් පමණ ඇතුළට ගොස් ඉලක්කයක් ලබාගැනීම සැලසුම විය.

මුහුදු කොටි බලප්‍රදේශයක් වූ නයාරු දෙසට ගමන්ගත් මෙම භට කණ්ඩායමට පියවර හයදහස් පන්සියයක් පමණ යද්දී කලින් තොරතුරු ලබාගත් මාර්ගයක් හමුවිය. උදේ පාන්දරින්ම මාර්ගය අසලට ළං වූ මෙම කණ්ඩායම ඉලක්කයක් ලැබෙන තුරු ඇස් යොමාගෙන සිටියහ.

එසැණින් මාර්ගය පරික්ෂා කරන කොටි ත්‍රස්තයන් රැගත් යතුරු පැදියක් මග දෙපස බලමින් ඉදිරියට යන්නට විය.
ඒ සමග එල්.එම්.ජී. අවිය භාර භටයින් දෙදෙනාට මාර්ගයෙන් එහා පැත්තට පැනගන්නැයි කණ්ඩායම් භාර නායකයාගෙන් උපදෙස් ලැබිණි.

සෙසු කණ්ඩායම ක්ෂණිකවම මාර්ගය අසලට හේත්තු වී කොටින්ගේ ප්‍රදේශයේ කොටින්ගේම ආවරණ තමන්ගේම ආවරණ ලෙස යොදා ගත්තේ ය.

මෙය සැබැවින්ම කිසිවෙකුවත් බලා‍පොරොත්තු නොවූ මොහොතක් ද විය.
නයාරුහි කලින් තොරතුරු රැස්කරගත් කඳවුරු සංකීර්ණයක් අසලට උපක්‍රමශීලීව මෙම ප්‍රහාරක කණ්ඩායමට ළං වී සිටියහ. මීට පෙර විමර්ශන කටයුතු සඳහා මෙම කඳවුරු ප්‍රදේශයට රිංගා සිටිය දී මුහුණට කොටි හමුවුවත් ඔවුනට සැක නොහිතෙන්නට උපායශිලීව ඉවසීමෙන් කටයුතු කළහ.

රැක සිට පහරදීමක් (ඒථඡභඵඩ) කර හීයක වේගයෙන් පසුබැසීම මෙම කණ්ඩායමේ ඉලක්කය විය.
නයාරු කලපුවේ සිට දිවෙන මාර්ගයේ දිනපතා පැමිණෙන කැලෑ ඇඳුම් ඇඳගත් කොටි ත්‍රස්තයන් රැගත් ට්‍රැක්ටර්ය ඉලක්කය විය. ඉලක්කය ලැබෙන තුරු කොටි කඳවුර හා එහි ප්‍රධාන ගේට්ටුව අතර වූ ප්‍රදේශයක මාර්ගය අසල මගරැක බලා සිටි මෙම කණ්ඩායමට කොටි ත්‍රස්තයන් රැගත් ට්‍රැක්ටරයක් නෙත ගැටිණි.

තවදුරටත් දෙවරක් නොසිතා මෙයට පහරදීමට තීරණය කළ කණ්ඩායම් නායක දුන් ඉඟියකින් තත්පර ගණනක් ඇතුළත වෙඩි වරුසාවක් කොටි ට්‍රැක්ටරය මත පතිත විය. කොටින්ට සිතාගන්නටවත් වේලාවක් නොමැතිව එල්ල වූ වෙඩිවරුසාවෙන් කොටි ත්‍රස්තයන් එක බුරුත්තට මැරී වැටෙන්නට ගතවූයේ සුළු මොහොතකි. කොටින්ට එක් අවියක් ඔසවන්නටවත් වේලාවක් නොවීය. ප්‍රදේශයම වෙඩි හඩින් ගිගුම් දුන්නේ ය.

ආර්.පී.ජී. රොකට් විදින, ජී.පී.එම්.ජී. හා එල්.එම්.ජී. මැෂින් තුවක්කු යොදා එල්ල කළ ප්‍රහාරයේ දී සතුරන් පැමිණි ට්‍රැක්ටරයට අඩි හයක් පමණ ආසන්නයටම ගොස් ප්‍රහාර එල්ල කළ රුවන් කුමාර තම භටපිරිස්වල අවිවලින්ම නිකුත් වූ උණ්ඩයක් ට්‍රැක්ටරයේ යකඩයක වැදී ලිස්සා නැවත පැමිණ වැදී තුවාල ලැබුවේ ය.

විනාඩි පහක් ඇතුළත දී තම උපරිම වෙඩි බලය යොදවා එල්ල කළ ක්ෂණික ප්‍රහාරයෙන් කොටි ත්‍රස්තයෝ භීතියෙන් ඇළලී ගියහ. මාස ගණනක් කොටි අඩවියේ හොල්මන් කළ අබිරහස් කණ්ඩායම ඉලක්කය සපුරාගත් සැණින් වේගයෙන් පසුබසින්නට වූහ. අතරමගදී තුවාල ලද සගයාට ප්‍රථමාධාර ලබාදී යළිත් පසුපසට එන්නට වූහ.

පළමු ප්‍රහාරයෙන්ම පසු බැසගත් මෙම කණ්ඩායම පසුබැසීම සඳහා ප්‍රදේශයට ඇතුළු වූ මාර්ගය අතහැර වෙනත් මාර්ගයක් තෝරාගත්හ. භූමියේ අඟලක් ගානේ ඇවිද ලබාගෙන තිබූ අත්දැකීම් ඔස්සේ ඔවුන්ට මෙම ප්‍රදේශයෙන් පැන ගැනීම අසීරු නොවීය.

පසුදින අලුයම 4.00 වන විට ජනකපුර ඉදිරි ආරක්ෂක වළල්ල වෙතින් හමුදා පාලන ප්‍රදේශය වෙත මෙම ප්‍රහාරක කණ්ඩායම ඇතුළුවන විටත් ඔවුන් ගත් ඉලක්කය ගැන මොවුන්ගේ නිලධාරීහු දැනුවත්ව සිටියහ. ඒ කොටින්ගේ පණිවුඩ හුවමාරු හරහා ය.

මෙම අබිරහස් ප්‍රහාරයෙන් කොටි ත්‍රස්තයන් විසිඅට දෙනකු එකතැන මරුමුවට පත්වූ බවට මේ වන විටත් කොටි පණිවුඩ හුවමාරු යන්ත්‍ර හරහා වූ පණිවුඩ හුවමාරුවලට ආරක්ෂක අංශ සවන් දෙමින් සිටියේ ය.

නයාරු කොටි බල ප්‍රදේශයේ පළමු ඉලක්කයෙන්ම කොටි ත්‍රස්තයන් විසිඅටක් මරා දමා සුවිශේෂ මෙහෙවරක් කළ මෙම දිගු දුර විහිදුම් ඒකකයේ භට කණ්ඩායම්වල ප්‍රහාරයෙන් කොටි නායකයෝ දැඩි ලෙස කැලඹීමට පත්වූහ.

කෝප්‍රල්වරුන් දෙදෙනකු හා ලාන්ස් කෝප්‍රල්වරයෙකුගේ නායකත්වයෙන් ඉලක්කය සොයා ගිය මෙ සුවිශේෂී ප්‍රහාරක කණ්ඩායම් තුන මෙතැන් පටන් සතුරු බිමට රිංගා ඉලක්ක එකින් එක පීරා යන්නට වූහ.

මීළඟ මෙහෙයුම ලබන සතියට

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com