master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

"වෙස් වලාගෙන ඇවිත් බුද්ධි අංශයේ නිලධාරියෙක් වගේ කොස් මල්ලි අන්දලා " පතාලයේ කොස් මල්ලිට වැඩේ දෙන්න මාකඳුරේ මදූෂ් ගහපු අදහාගත නොහැකි සූක්ෂම සැලසුම හෙළිවේ .!


2018-03-21 13:47:38 -  5615 යි

පතාල සමාජික "කොස් මල්ලි" වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුම පොලිසීය විසින් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව අතිශය සූක්ෂම සැලසුම්කරුවෙක් ලෙස ප්‍රසිද්ධ පතාල නායක මාකඳුරේ මධූෂ් විසින් කොස් මල්ලි නමින් හැඳින්වෙන පතාල සමාජිකයාගේ මරණය සැලසුම් කර තිබෙන බව හෙළිව තිබේ.  

කොස් මල්ලි නම් මෙම පතාල සමාජිකයා ඝාතනය කිරීමට පෙර ඩුබායිහි සැඟවී සිටින දකුණේ පාතාල නායක මාකඳුරේ මධුෂ්, වයිබර් තාක්ෂණය ඔස්සේ කොස් මල්ලි සමඟ සම්බන්ධ වෙමින් තමා පොලිස් බුද්ධි අංශ නිලධාරියකු මෙන් පෙනි සිටිමින් කොස් මල්ලි සූක්ෂමව රවටා , ඔවුන්ගේ කල්ලියේ තොරතුරු සියල්ල ලබා ගෙන තිබේ.

තමන් මේ කතා කරන්නේ වෙස් වලාගත් පතාල නායක මාකඳුරේ මදුෂ් සමග නොව , සැබැ ලෙසම පොලිස් බුද්ධි අංශයේ නිළධාරියෙකු යැයි රැවටුනු කොස් මල්ලි විසින් , පොලිස් රැහැනෙන් ගැලවීමට සිය කල්ලියේ සමාජිකයන් , ඔවුන් කළ අපරාධ , ඔවුන් නැවති සිටින ස්ථාන ආදි රහස් තොරතුරු සියල්ල පවසා තිබෙනවා.

මෙහිදි මදුෂ් විසින් මොහොමඩ් රිස්කාන් ඝාතන සිද්ධියේ තොරතුරු විමසා ඇතැයිද පොලිස් පර්යේෂණවලදී හෙළිදරව් වී ඇත.

ඉකුත් පෙබරවාරි මස 16 වැනි දින අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසලදී ඝාතනය කළ මොහොමඩ් රිස්කාන්ගේ ඝාතන සැලසුම සහ ඊට සම්බන්ධ පාතාල සාමාජිකයන්ගේ විස්තර කොස් මල්ලිගෙන් මධුෂ් මේ ආකාරයට දැන ගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි.

එම විස්තර සියල්ල දැන ගැනීමෙන් අනතුරුව ගෝඨාභයගම ප්‍රදේශයේ කෙසෙල් හා ගස්ලබු වගාබිමක පිහිටි පොල් ගසක බැඳ සිටි කොස් මල්ලිට මාකඳුරේ මධුෂ් තමා බුද්ධි අංශ නිලධාරියකු නොවන බවත් තමා මාකඳුරේ මධුෂ් බවත් දන්වා තිබේ.

තමාගේ සහෝදරයකු වන මොහොමඩ් රිස්කාන් ඝාතනය කිරීම නිසා මෙලෙස ඔහුව ගෝඨාභයගමට රැගෙන ආ බවත් අලුයම වන විට ඔහුව මෝටර් රථයකින් කොළඹට රැගෙන යන බවටද මාකඳුරේ මධුෂ් කොස් මල්ලිට පවසා ඇත.

එම සංවාදය අවසන් වනවාත් සමඟම දැනට අත්අඩංගුවේ පසුවන දකුණේ පාතාල සාමාජිකයකු වන අමිල කොස් මල්ලිට ටී 56 ගිනි අවියක් භාවිතයෙන් වෙඩි ප්‍රහාර හයක් පමණ එල්ල කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අමිල සම්පත්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ කරුණු මත එම ටී 56 වර්ගයේ ගිනි අවිය සහ ඊට යොදන උණ්ඩ 6ක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මේ වන විට සොයා ගෙන තිබේ.

කොස් මල්ලි ඇසුරු කරන කොළඹ සමාජ ශාලාවක කාන්තාවකගේ ඥාතියකු මාර්ගයෙන් මාකඳුරේ මධුෂ්ගේ සමීපතයකු වන ගෝඨාභයගම ප්‍රදේශයේම පදිංචි ලොකු අයියා විසින් ඉකුත් 6දා දින පොතුවිල් ප්‍රදේශයේ සැඟවී සිට කොස් මල්ලිව ඝාතනය සිදුකළ ප්‍රදේශයට සැලසුමක් හරහා කැඳවා තිබිණි.

නවාතැන් පහසුකම් ලබා දෙන මුවාවෙන් කොස් මල්ලිව ගෝඨාභයගම ප්‍රදේශයට කැඳවා තිබිණි. පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ මව ඝාතනය වීමෙන් සහ ඔහුගේ පියා ඉන් පසු මධුෂ්ව අතහැර යෑමෙන් පසු ලොකු අයියා නැමැත්තාද මධුෂ්ව රැක බලා ගෙන ඇති බවද පොලිසිය පවසයි.

ඒ හරහා ලොකු අයියා මෙම ඝාතනය සැලසුම් කර ඇති අතර මේ වන විට ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ.

ඔහුව සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර ඝාතන සිද්ධියට කඹුරුපිටියේදී අත්අඩංගුවට ගත් අමිල සම්පත්, රාලහාමි ඇතුළු සැකකරුවන් සිවු දෙනා වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා ඊයේ කඹුරුපිටියේ සිට කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන විත් තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com