master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අමිත් වීරසිංහ රඳවා ඇති බන්ධනාගාරය අබිරහසක්.. බිරිද පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට (TID) කැඳවයි


2018-03-19 10:32:35 -  1644 යි

තෙල්දෙණිය ගැටුමට චෝදනා ලබා සිටින මහසෝන් බලකාය නැමැති සංවිධානයේ නිර්මාතෘ ලෙස සැලකෙන අමිත් වීරසිංහගේ බිරිද ප්‍රකාශයක් සටහන් කරගැනීමට යැයි සඳහන් කරමින් අද (19) පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට (TID) කැඳවා තිබෙනවා.

තෙල්දෙණිය මුස්ලිම් පිරිසකගේ පහර කෑමෙන් කුමාරසිංහ නමැති දෙදරු පියෙකු මරණය පත්වීමත් සමග ඇතිවූ කලහකාරී තත්වයට එරෙහිව අමිත් වීරසිංහට චෝදනා එල්ල විය. කෙසේ වෙතත් එම කලහකාරී තත්වයට ඔහුගේ සෘජු සම්බන්දතාවයක් සොයා ගැනීමට පොලීසිය අපොහොසත්වූ අතර පසුව ඔහුගේ නිවස සහ ගෙවත්ත පොලීසිය විසින් සෝදිසි කලත් ගැටුම් සඳහා සම්බන්ධ කිසිවක් සොයා ගැනීමට හැකි වුවේ නැත. පසුව ඔහුගේ කාර්යාලයේ තිබී පොල් තෙල් ගෙන ඒම සඳහා බාවිතා කල හිස් බෝතල් 7ක් සහ අත්පත්‍රිකා තොගයක් පොලීසිය අත්අඩංගුවට ගන්නා ලදි.

දින ගණනාවක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රඳවා ප්‍රශ්න කල අමිත් වීරසිංහ මීට දින දෙකකට පෙර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි. කෙසේ වෙතත් ඔහු රැගෙන ගිය බන්ධනාගාරය කුමක්ද යන්න වගකිවයුතු කිසිදු පාර්ශවයක් තමන්ට නොදැන්වූ බවත් ඔහු රදවා ඇති ස්ථානයක් තමන් නොදන්නා බවත් පවුලේ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com