master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ලංකාවේ නඩේෂලිංගම් පවුලට ඕස්ට්‍රේලියානු පින පෑදෙයි


2018-03-16 07:27:57 -  484 යි

ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සඳහා ගුවන් යානයට රැගෙන යමින් සිටියදී ශ්‍රී ලාංකික දමිළ පවුලකට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමේ සිහිනය සැබෑ කරදීමට ඕස්ට්‍රේලියානු වැසියන් පිරිසක් ක්‍රියාකර ඇතැයි එස්.බී.එස්. පුවත් අඩවිය වාර්තා කරයි.
නඩේෂලිංගම් සහ ප්‍රියා ඇතුළු ඕස්ට්‍රේලියාවේදී උපත ලද මාස 7ක් වයසැති සහ අවුරුදු දෙකහමාරක් වයසැති ධරුනිකා සහ ගෝපිකා යන දියණියන් දෙදෙනාට ඒ ආකාරයෙන් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට අවස්ථාව හිමිවී ඇත. නඩේෂලිංගම් පවුල පදිංචිව සිටි ක්වීන්ස්ලන්තයේ බ්ලෝලා නගරයේ ජනයා ඔවුන්ගේ පිටුවහල් කිරීමට එරෙහිව මැදිහත් වීම හේතුවෙන් ඔවුන් හට එම අවස්ථාව ලැබී ඇත.

ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් නඩේෂලිංගම් පවුල සහ ඕස්ට්‍රේලියාවේදී උපත ලද දියණියන් දෙදෙනාව පදිංචිව සිටි නිවෙසින් රැගෙන ගොස් රැඳවුම් භාරයේ තබාගෙන සිට ඇති අතර පසුව පිටුවහල් කිරීමට නියමිතව තිබී ඇත.

එයට එරෙහි වූ නගරවැසියන් අස්සන් හැත්තෑ හය දහසකට වඩා එකතු කර ගනිමින් නඩේෂලිංගම් පවුලට ඕස්ට්‍රේලියාව තුළ රැඳී සිටීමට අවසර දෙන ලෙස ඉල්ලා එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වෙත යොමු කරන ලද පෙත්සම සැලකිල්ලට ගැනීමෙන් පසුව අවසාන මොහොතේ නඩේෂලිංගම් පවුලේ සිහිනය සැබෑවී ඇත.
ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ වූ යුද්ධය අවසාන වීමෙන් පසු වර්ෂ 2012 සහ 2013දී නඩේෂලිංගම් සහ ප්‍රියා බෝට්ටු මඟින් ඕස්ට්‍රේලියාවට පලා ගොස් ඇති අතර එහිදී විවාහ දිවියට පිවිස ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com