master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අද දිනය තුළ විසඳුමක්- අවහිර කළ සමාජජාල අඩවි ගැන හරීන් කතා කරයි


2018-03-12 12:27:13 -  529 යි

ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ ජාල මාධ්‍ය වෙත පිවිසීමට පනවා ඇති  අවහිරතා සම්බන්ධයෙන් අද දිනය තුළ විසදුමක් ලබාදීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ඊතලය නිවුස් වෙත ඒ බව තහවුරු කළා. මෙම අවහිරතා සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ විශේෂ සාකව්ජාවක්ද අද (12) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
 
ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් ඇතුළු සමාජජාලා වෙබ් අඩවිවලට පිවිසිම අත්හිටුවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කළේ ඉකුත් 07 වැනිදා සිටයි. ඒ, මහනුවර ප‍්‍රදේශයේ පැවති තත්ත්වය සැළකිල්ලට ගනිමින්. 

පනවා ඇති තහනම ඉවත් කරන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මෙන්ම රාජ්‍ය අංශයේ නිලධාරීන්ද ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක්ද කර ඇතැයි වාර්තා වනවා.  

මේ අතර සමාජජාල මාධ්‍ය අවහිර කිරීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි නීතිඥ සංවිධාන ජාතික එකමුතුව සහ පාරිභෝගික අයිතීන් සුරැුකීමේ ජාතික ව්‍යාපාරයද පවසනවා. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com