master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ශ්‍රී ලාංකිකයිනි, ජෙහාන් ඔබ අමතයි


2018-03-08 14:51:01 -  1166 යි

"ජෙහාන් " කියන්නේ මේ යුගයේ මේ රටේ ජනප්‍රියම චරිතය කිව්වොත් වැරදි නෑ. අද දේශපාලඥයොත් ජෙහාන්ව හොයාගෙන යන තරමට ඔහු ජනප්‍රිය වෙලා. ඒ ජෙහාන් ගේම් කාරයෙක් නිසාම නෙවෙයි. ජෙහාන්ට පිටුපසින් සිටින තුමිදු දොඩන්තැන්න නම් ප්‍රතිභාපූර්න රංගවේදියාගේ විශිෂ්ට රංගනය නිසා.

මේ වන විට මේ රටේ නැත්නම් මුතු ඇටේ එහෙමත් නැත්නම් අබ ඇටේ දැවෙන ප්‍රශ්නය බවට පත්වෙලා තියෙන්නේ වර්ගවාදය.. සිංහ කොඩිය සෙවණේ සිටින සිංහල මුස්ලිම් දෙපාර්ශවය මොකද්දෝ බෙදාගන්න බැරුව මරාගන්නවා. නොකිව්වට,රටම අස්ථාවරයි. ජෙහාන්ගෙන් මේ කෝලාහලේ අකාමකා දාන්න කව්රුහරි ගේමක් ඉල්ලුවොත් ඔහු අනිවාරයෙන්ම ඒ දේ කරනවා .( ඕනම නම් මාසයක් කල් ඉල්ලයි). මට බෑ ජෙහාන්ගෙන් ගේම් ඉල්ලන්න . මොකද එයා මට හම්බවෙන්නේ නෑ. ඒ නිසා මන් තුමිදුව හමුවුණා. ඔහු මෙහෙම කියනවා.

" මේ වගේ විකාරරූපි ජාතිවාදී ගැටුමක් මම දැකලා නෑ. කොහෙවත් හිටපු පුද්ගලයො දෙන්නෙක්ගෙ ගැටුමක් අද රටක් හොලවලා. ඒ ප්‍රශ්නෙට අදාළම නැති ජාතිවාදීන් දැන් ඇනකොටා ගන්නවා. ඇත්තටම මේකෙන් වෙන්නේ ශ්‍රී ලාංකිකයෝ විදියට අපේ මෝඩකම ලෝකෙට පෙන්වන එක. අපිට ඕන කරලා තියෙන්නේ ගැටුමක්ද මේ වෙලාවේ? යන්තම් එක යුද්ධෙකින් කාලයක් විඳවලා විඳවලා නැගිට්ටා. ආයෙත් එහෙම වෙන්න ඕනද"?

"83 දෙමළ සිංහල කොලාහලය හොඳට අත්විඳපු කෙනෙක් මම. ඒ ව්‍යසනයේදී මම දෙමළ අයත් එක්ක ජීවත් වුණා. සිංහල අයත් එක්කත් ජීවත් වුණා. මගේම ළඟින් හිටපු අය මැරෙන විදිය මන් දැක්කා. කිසිම ජන වර්ගයක් මරලා ඉවර කරන්න බෑ. පීඩනයට පත්කරලා දිනන්නත් බෑ. එහෙම පුළුවන් කියලා හිතනවනම් ඒක මෝඩකමක්. ඒ නිසා මේ රටට වර්ගවාදී භීෂණයක් ඕනම නෑ. මේ ලෝකෙ ජීවත්වෙන්න හැම මනුස්සයෙකුටම අයිතියක් තියෙනවා. ඒකට ගරු කරන්න ඕන . කෙනෙක් තවත් ජාතිකයෙක්ට ගරු කරනවා නම් පෙරලා ඒ ගෞරවය ඒ පුද්ගලයාට ලැබෙනවා. ඒ නිසා බුද්ධිමත්ව වැඩ කරන්න"

තුමිඳු එහෙම කියනවා. ජෙහාගේ අදහසත් අවශ්‍යමයි....

-ශිරන්තනි-

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com